The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට

T

The Leader Desk

June 11, 2023 • 5:46 PM

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයේදී
  • 2021 ජූලි මාසයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය වසර දෙකක් පුරා පැවැත්විණ.
  • එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.
  • ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව ලකුණු 209 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 2023 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්හ.

2021 ජූලි මාසයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය වසර දෙකක් පුරා පැවැත්විණ.

කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී  ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

{gallery}ICC World Test Championship 2021-2023{/gallery}

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටි නමුත් අද පෙරවරුවේදී ලකුණු 55 ක් ඇතුළත අවසන් කඩුලු 7 ම අහිමි කරගත්තේය.

තරගයේ අවසන් දිනය වූ අද (11 වැනිදා) දිවා ආහාරයට ස්වල්ප වේලාවකට පෙර ඕස්ට්‍රේලියානුවෝ ජයග්‍රහණය සම්පූර්ණ කළහ.

 වසර 1975 සිටම, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන නොයෙකුත් මාදිලියේ ශූරතා වලින් සියල්ලක්ම පාහේ දිනා සිටි ඕස්ට්‍රේලියාවට ඊයේ දක්වා දිනාගත නොහැකිව තිබූ එකම ශූරතාව ටෙස්ට් ලෝක ශූරතාවයි. ඔව්හු අද එය දිනාගත්හ.

පසුගිය වතාවේදීත් (2021) ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ඉන්දියාව එවර නවසීලන්තය හමුවේ පරාජය විය. වසර 2011 දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඉන්දියාව මේ දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කුසලානයක් දිනාගෙන නැත.

අද පෙරවරුවේ එකම ඕවරයකදී විරාට් කෝලි (49) සහ රවීන්ද්‍ර ජදේජා (0) දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් (46/3), පන්දු දෙකක් ඇතුළතදී කඩුලු දෙකක් දවාගනිමින් ඉන්දියාවට අනපේක්‍ෂිත පහර දෙකක් දුන්නේය. එතැනින් ඉන්දියානුවන් සිරකර ගත් නේතන් ලයන් (41/4) ඉන්දීය පිතිකරු ලයිස්තුවේ පහළ කොටස සම්පූර්ණයෙන්ම සුද්ද කර දැමුවේය.

ඔස්ට්‍රේලියානුවන්ගේ මීළඟ තරගාවලිය එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අළු බඳුන තරගාවලියයි. එය ලබන සතියේදී ආරම්භ වේ.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට | The Leader