The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වනිඳුගෙන් ක්‍රිකට් වාර්තාවක් - ලංකාවට පහසු ජයක්

T

The Leader Desk

June 23, 2023 • 5:27 PM

වනිඳුගෙන් ක්‍රිකට් වාර්තාවක් - ලංකාවට පහසු ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද නව එක්දින ක්‍රිකට් වාර්තාවක් පිහිටුවිය.
  • 1983 වසරේ අසන්තද මෙල් ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා වන්නේද වනිඳු හසරංගයි.
  • එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේදී වනිදු හසරංග එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙළිය.
  • ඕමානය සමඟ අද පැවති තරඟයේදී ඔහු ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළමින් මෙම වාර්තාව පිහිටුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, පිට පිට එක්දින ක්‍රිකට් තරඟ 2කදී කඩුලු 5 බැඟින් දවා ගත් පළමු පාඳග පන්දු යවන්නා බවට පත් වෙමිනි.

1983 වසරේ අසන්තද මෙල් ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දු යවන්නා වන්නේද වනිඳු හසරංගයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයේදී වනිදු හසරංග එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 6ක් බිඳ හෙළිය.

ඕමානය සමඟ අද පැවති තරඟයේදී ඔහු ලකුණු 13කට කඩුලු 5ක් බිඳ හෙළමින් මෙම වාර්තාව පිහිටුවිය.

wanindu H

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ දෙවැනි මෙම ජයග්‍රහණය මෙය වේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (නොදැවී 61) සහ පැතුම් නිස්සංක (නොදැවී 37) ජයග්‍රාහී ඉලක්කය ඕවර 15 කදී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ඕමාන පිල ඕවර 30.2 කදී ලකුණු 98 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.

වනිඳු හසරංග (13/5) සහ ළහිරු කුමාර (22/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕමාන පිල අසරණ කළහ.

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඕමාන පිල ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 98 (ජටීන්ද්‍ර සිං 21, අයාන් ඛාන් 41, ළහිරු කුමාර 22/3, වනිඳු හසරංග 13/5) ශ්‍රී ලංකා පිල ඕවර 15 කදී කිසිවකු නොදැවී 100 (පැතුම් නිස්සංක නොදැවී 37, දිමුත් කරුණාරත්න නොදැවී 61)

 

 



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...