The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ගැන තීරණයක් !

T

The Leader Desk

June 24, 2023 • 4:21 PM

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ගැන තීරණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ මූලික වටයේදී
  • සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතය.
  • අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
  • B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විවේක ගැන්වීමට තීරණය කර ඇති බව adaderana.lk වාර්තාකර තිබේ.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය B කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමිනි.

අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ පසුවන අතර ස්කොට්ලන්තය සහ ඕමානය පිළිවෙලින් දෙවන සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.


සුදුසුකම් ලැබීමේ වටයේ තරග පැවැත්වෙන්නේ කොහොමද ?

මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා A සහ B වශයෙන් කාණ්ඩ දෙකක් නම් කර ඇත.

සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමෙරිකා යන කණ්ඩායම් A කාණ්ඩය යටතට ඇතුලත් වේ.

B කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ඇතුලත් වේ.

තරගාවලියේ පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමඟ එක් වරක් ක්‍රීඩා කරනු ඇත.

ඒ අනුව සෑම කාණ්ඩයකම ලකුණු අනුව පළමු කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියර සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.

සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් පළමු අදියරේදී තමන්ට හමු නොවූ කණ්ඩායම් සමග ක්‍රීඩා කරනු ඇත.

සුපර් සික්ස් අදියරට පිවිසීමට අපොහොසත් වන කණ්ඩායම්වලට එරෙහිව ලබා ගන්නා ලකුණු හැර කණ්ඩායම් අදියරේදී ලබා ගන්නා සියලුම ලකුණු සුපර් සික්ස් අදියරට ගෙන යනු ලැබේ.

ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට 2023 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඇතුලත් වීමට වරම් හිමිවනු ඇත.



සබැඳි පුවත් :

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිය හැකිවෙයි ද?

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...