The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඵෙතිහාසික ජයක් ලබයි

T

The Leader Desk

June 27, 2023 • 3:02 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඵෙතිහාසික ජයක් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය
  • ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් වූවාය.
  • මෙය චමරිගේ හත්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වන අතර ඇය මෙම තරගයේදී එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළාය.
  •   යොවුන් ආරම්භක පිතිකාරී විශ්මි ගුණරත්න පන්දු 74 කින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල නවසීලන්ත පිල එක්දින තරගයකදී පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් වූවාය. මෙය චමරිගේ හත්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වන අතර ඇය මෙම තරගයේදී එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළාය.  

යොවුන් ආරම්භක පිතිකාරී විශ්මි ගුණරත්න පන්දු 74 කින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළාය.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 28 කට සීමාවිය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 28 කදී කඩුලු 5 ට 170 (සුසී බාටිස් 28, අමීලියා කීර් 40, මඩියි ග්‍රීන් 38) ශ්‍රී ලකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 27 කදී කඩුලු 1 ට 172 (චමරි අතපත්තු නොදැවී 108, විශ්මි ගුණරත්න 50)

gunarathna

sl criclet W

(lankadeepa.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...