The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක්

T

The Leader Desk

July 3, 2023 • 3:35 PM

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද
  • ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.
  • එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.
  • තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

(03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.



මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 140ක් රැස්කළේය.

chamari Athapaththu

චමරි අතපත්තු මෙම තරග තුනේදී රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර චමරි මෙහිදී පන්දු 60 කින් ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

පන්දු 80කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 කදී කඩුලු 2 ට 127 (සුසි බාටිස් නොදැවී 63, සොපී ඩෙවිනේ නොදැවී 38)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 (චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 28)

 {gallery}ICC Womens Championship SL vs NZ{/gallery}

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...