The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

T

The Leader Desk

July 6, 2023 • 5:14 PM

නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිම්බාබ්වේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ
  • ‘සුපිරි හය’ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 6 ක් ලබා ශුද්ද ලකුණු වේගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.
  • තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය.
  • එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen  හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් මහ තගරයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් වූ අතර ඒ අනුව නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.

‘සුපිරි හය’ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 6 ක් ලබා ශුද්ද ලකුණු වේගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen  හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය.

නායක Richie Berrington ස්කොට්ලන්තය වෙනුවෙන් ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත්විය.

අගනා පන්දු යැවීමක නිරත වූ Bas de Leede කඩුලු 5ක් බිඳහෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එහිදී මෙම තරගය පුරා අනසක පතුරමින් තරගයේ වීරයා වූ Bas de Leede පිත්තෙන් ද දස්කම් දක්වමින් හයේ පහර 5ක් සහ හතරේ පහරා 7ක් සමග ලකුණු 123ක් රැස්කළේය.

Vikramjit Singh ලකුණු 40ක් රැස්කිරීමට සමත්විය.

අවසානයේ පිටියට පිවිසි Logan van Beek කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයමින් ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

001

002

003

004

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...