The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොදෙව් කණ්ඩායමත් පරාජයට පත් කරමින් ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට

T

The Leader Desk

July 7, 2023 • 5:13 PM

කොදෙව් කණ්ඩායමත් පරාජයට පත් කරමින් ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ
  • ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ලබන ඉරිදා ( ජුලි මස 09 වෙනිදා) නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය දක්වා අපරාජිතව පැමිණි එකම කණ්ඩායම වීමද විශේෂත්වයකි.
  • කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 48.1ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කිරීමට සමත් විය.
  • කොදෙව්වන්ට ශක්තියක් ගෙන දුන් කාර්ටි ගේ ඉනිම ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමු වෙන් පන්දුවට පහර දීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 36ක් සිය කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 08 කින් ජය ගැනීමට අද (ජුලි මස 07 වෙනිදා) සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ලබන ඉරිදා ( ජුලි මස 09 වෙනිදා) නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය දක්වා අපරාජිතව පැමිණි එකම කණ්ඩායම වීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 48.1ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කිරීමට සමත් විය.


කොදෙව්වන්ට ශක්තියක් ගෙන දුන් කාර්ටි ගේ ඉනිම

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමු වෙන් පන්දුවට පහර දීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 36ක් සිය කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත්විය.

Keacy Carty

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 08 ලකුණු 155ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

කොදෙව් ඉනිමේ 09 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවයක් එක් කිරීමට කේසි කාර්ටි සහ කේවින් සින්කේලයාර් සමත් වීම කැපී පෙනුණි.

කෙවින් සින්කේලයාර් පන්දු 36 කදී හතරේ පහරවල් දෙකක් සමගින් ලකුණු 25ක් රැස් කරමින් සිටියදී දවා ගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ කේසි කාර්ටි පන්දු 96ක් තුලදී හතරේ පහරවල් හයක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 87ක් රැස් කර ගෙන සිටියදී දවා ගැනීමට දසුන් ශානක සමත් වුණි.


කොදෙව්වන්ට තර්ජනයක් වූ මහිෂ් සහ හේමන්ත

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩකයින් වන මහිෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත කොදෙව් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.

කොදෙව් පිලේ ප්‍රවේගකාරී පිතිකරුවන් වන නිකලස් පුරාන්, ෂෙයි හෝප්, බ්‍රෙන්ඩන් කිංන්, ෂමරා බෘක්ස්, රෝමාරියා ෂෙපර්ඩ් ගේ කඩුලු ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය.

මහිෂ් තීක්ෂණ ලකුණු 34 කට කඩුලු 04ක්, දුෂාන් හේමන්ත ලකුණු 49 කට කඩුලු දෙකක් දවා ගත්තේය.


අද තරගයේ දී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති තරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

ධනංජය සිල්වා සහ වනිදු හසරංග අද තරගයේ දී විවේක ගැන්වීමට තීරණය කිරීම හේතුවෙන් දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලද 210 වන ක්‍රීඩකයා වූ සහන් ආරච්චිගේ අද තරගයේදී සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට සමත් වුයේය.

zsfdඅද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩකයින් වන මහිෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත කොදෙව් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.



ශ්‍රී ලංකාවට ජය ගෙනා පැතුම් - දිමුත්

ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල සඳහා ලකුණු 190ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් විය.

පැතුම් නිස්සංක අද වාර්තා කළේ සිය එක්දින දිවියේ තෙවන ශතකයයි.

pathumපැතුම් නිස්සංක අද වාර්තා කළේ සිය එක්දින දිවියේ තෙවන ශතකයයි.


ඔහු පන්දු 113 කදී හතරේ පහරවල් 14ක් සමගින් ලකුණු 104ක් රැස් කර සිටියදී දැවී ගියේය.

දිමුත් කරුණාරත්න පන්දු 92 කදී ලකුණු 83ක් ලබා ගෙන සිටියදී දැවී ගියේ අකීල් හුසේන් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදටයි.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සම්බන්ධතාවයක් පවත්වමින් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 17ක් රැස් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 44.2 ක් අවසානයේ දී කඩුලු 02 ක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.

(BBC සිංහල සේවය)

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...