The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් : ජුනි මාසයේ අන්තර්ජාතික ක්‍රීඩකයා වනිඳු

T

The Leader Desk

July 11, 2023 • 3:09 PM

ක්‍රිකට් : ජුනි මාසයේ අන්තර්ජාතික ක්‍රීඩකයා වනිඳු   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස
  • විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.
  • ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.
  • ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී එක දිගට තරග 8 ක් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම දායකත්වයක් දුන් හසරංග, එම තරගාවලියේ තරග 7 කදී කඩුලු 22 ක් දවාගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ.


විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී එක දිගට තරග 8 ක් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම දායකත්වයක් දුන් හසරංග, එම තරගාවලියේ තරග 7 කදී කඩුලු 22 ක් දවාගත්තේය. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 12.90 කි.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේ තරගත් ඇතුළත් කළ කල්හි ජූනි මාසය ඇතුළත හසරංග විසින් දවාගන්නා ලද එක්දින කඩුලු සංඛ්‍යාව 26 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 10.00 කි.


ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරග තුනේදී කඩුලු 16 ක් දවාගත් දකුණත් පා දඟ පන්දු යවන්නා, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 3 කදී පිට පිට කඩුලු 5 ක් බැගින් දවාගත් පළමු වැනි දඟ පන්දු යවන්නා ලෙසින් ඉතිහාසයට එක්විය.


“මේ සම්මානය මට ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් සන්ධිස්ථානයකදී. ඒ තමයි අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබීම..”

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වීම මට ගෞරවයක්” යයි හසරංග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට පවසා තිබිණ.

මාසයේ දක්‍ෂතම ක්‍රීඩකයා තෝරාගනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් මගිනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමත් මෙම තේරීම සඳහා සලකා බලනු ලැබේ.

හසරංගට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේ 2022 ජූලි මාසයේදී එම කීර්තිය අත්කරගත් ප්‍රභාත් ජයසූරියයි.

මාසයේ දක්‍ෂතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලි ගාඩිනර් සම්මානයට පාත්‍ර වී තිබේ.


(kelimandala.lk)

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...