The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති - චමරිගෙන් චණ්ඩි පිතිහරඹයක්

T

The Leader Desk

July 12, 2023 • 11:17 AM

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති - චමරිගෙන් චණ්ඩි පිතිහරඹයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ පී. සරවනමුත්තු පිටියේදී අද (12 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ, නවසීලන්ත කාන්තාවන් පරදවා
  • ලකුණු 141 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් පන්දු 47 කදී නොදැවී ලකුණු 80 ක් ලබාගත් චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 49) කඩුලු 10 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ.
  • මෙය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා කාන්තාවන් ලබාගත් පළමු වැනි කඩුලු 10 ජයග්‍රහණයයි.
  • නවසීලන්ත පිතිකාරිණියන් ලකුණු 140 කට සීමා කරමින් අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර (15/3) සහ සුගන්ධිකා කුමාරි (23/2) දෙදෙනා තමන්ගේ ඕවර 8 ලකුණු 38 කට සීමා කරගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩුලු 10 කවිශිෂ්ට ජයක් අත්කර ගත්හ.

ලකුණු 141 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් පන්දු 47 කදී නොදැවී ලකුණු 80 ක් ලබාගත් චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 49) කඩුලු 10 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

මෙය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා කාන්තාවන් ලබාගත් පළමු වැනි කඩුලු 10 ජයග්‍රහණයයි.

image 27a2de6628

හර්ෂිතා සමරවික්‍රම සහ චමරි අතපත්තු

තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් නවසීලන්ත කාන්තාවන්ට තරගාවලියේ ජය හිමිවූ නමුත් ශ්‍රී ලංකා කාන්තාවෝ තමන්ගේ ගෞරවය රැකගත හැකි ජයක් තුන්වැනි තරගයේදී ලබාගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා අතපත්තු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය.

නවසීලන්ත පිතිකාරිණියන් ලකුණු 140 කට සීමා කරමින් අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර (15/3) සහ සුගන්ධිකා කුමාරි (23/2) දෙදෙනා තමන්ගේ ඕවර 8 ලකුණු 38 කට සීමා කරගත්හ.

ඉදිරිපෙළ පිතිකාරිණියන්ගේ පිතිහරඹය මත පන්දු 66 කින් ලකුණු 73 ක් ලබාගැනීමට සුසී බේට්ස් (37), ඇමීලියා කර් (14) සහ සොෆී ඩේවින්ට හැකිවූ නමුත් ඉනිමේ පසුකොටසේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පාලනය සියතට ගත්හ. කඩුලු 6 ක් අතැතිව සිටි නවසීලන්ත පිතිකාරිණියන්ට අවසන් ඕවර 5 දී පන්දු 30 කින් ලබාගත හැකිවූයේ ලකුණු 36 ක් පමණි. මෙම පසුබෑම නිසා නවසීලන්ත කාන්තා ඉනිම ලකුණු 140 කට සීමා විය.

ගාල්ලේදී පැවැති එක්දින තරගාවලියේදී ශතක දෙකක් ලබාගත් නමුත් පළමු විස්සයි-20 තරග දෙකේදීම අසාර්ථක වූ චමරි අතපත්තු (0 සහ 2) තරගාවලියේ වාඩුව එක ඉනිමකින් ලබාගනිමින්, නවසීලන්ත පන්දු යවන්නියන් අන්ද මන්ද කළ පහර දීමක නිරත වූවාය. පන්දු 25 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විටත් අතපත්තුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණ.

නායිකාවට අනගි සහයෝගයක් දුන් හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 49) 15 වැනි ඕවරයේ පන්දු 4 කින් 3 ක්ම හතරේ සීමාවට යවමින් තරගය අවසන් කළාය.

තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන ලබද්දී, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් සුසී බේට්ස් සම්මාන දිනාගත්තාය.


නවසීලන්ත ක්‍රීඩිකාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 140 යි
(සුසී බේට්ස් 37, ඉසබෙලා ගේස් 13, ඇමීලියා කර් 14, සොෆී ඩේවින් 46, මැඩී ග්‍රීන් 10, සුගන්ධිකා කුමාරි 23/2, ඉනෝකා රණවීර 15/3)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 14.3 කදී කිසිවකු නොදැවී 143 යි
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 49, චමරි අතපත්තු නොදැවී 80)



(kelimandala.lk)



sri lanka women cricket 600 hadbomb com 1689110063


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති - චමරිගෙන් චණ්ඩි පිතිහරඹයක් | The Leader