The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට

T

The Leader Desk

July 13, 2023 • 4:39 AM

රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පත්කර ඇත.
  • මහේසන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
  • ඊට අමතරව, ඔහුගේ අධ්‍යපන ජයග්‍රහන වලට කළමණාකරණ ක්ෂේත්‍ර වල දර්ශනපති (MPhil) උපාධියක් සහ විද්‍යාපති උපාධියක්ද (MSc), ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික යුධ විද්‍යාලයෙන් ජාත්‍යන්තර මාණ්ඩලික පාඨමාලා සුදුසුකම ඇතුළු පශ්චාත් උපාධි සුදුසුකම් ගණනාවක් ද වේ.
  • ඔහු 2017 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සඳහා පිරිනැමෙන ගෞරවනීය ජනාධිපති ක්‍රීඩා සම්මානය මෙන්ම 2018 වසරේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සඳහා වන සේද ක්‍රීඩා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව එම පත්වීම සිදුකර ඇත්තේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසිනි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ක්‍රීඩා විද්‍යාව පිළිබඳ දර්ශන ආචාර්ය උපාධියක් (PhD) ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ෂේමාල් ප්‍රනාන්දු ය.

ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප්‍රධාන තනතුර සඳහා ඉදිරිපත් කරන ලද සියළු නිර්ණායක සපුරා ඇති අතර, අගමැති ලේකම් අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘දක්‍ෂතා ලැයිස්තුවේ’ ප්‍රථම ස්ථානයට පත්ව ඇති බවත්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඞ් ප්‍රනාන්දු සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.

ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා පරිපාලනය පිලිබඳ, විද්‍යාපති උපාධිය (MSc) ඔලිම්පික් සහයෝගිතා ශිෂ්‍යත්වයක් තුළින් සම්පූර්ණ කර ඇත. ඊට අමතරව, ඔහුගේ අධ්‍යපන ජයග්‍රහන වලට කළමණාකරණ ක්ෂේත්‍ර වල දර්ශනපති (MPhil) උපාධියක් සහ විද්‍යාපති උපාධියක්ද (MSc), ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික යුධ විද්‍යාලයෙන් ජාත්‍යන්තර මාණ්ඩලික පාඨමාලා සුදුසුකම ඇතුළු පශ්චාත් උපාධි සුදුසුකම් ගණනාවක් ද වේ.

ඔහු 2017 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සඳහා පිරිනැමෙන ගෞරවනීය ජනාධිපති ක්‍රීඩා සම්මානය මෙන්ම 2018 වසරේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සඳහා වන සේද ක්‍රීඩා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ”ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමේ උපාය මාර්ග” පිළිබඳ ඔහුගේ දර්ශන ශූරී අචාර්ය උපාධි නිබන්ධනය සඳහා ඔහු කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රථම උපාධිධරයා ලෙස ද තෝරාගෙන ඇත.

 

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු,  උද්යෝගිමත් ක්‍රීඩා පරිපාලකයෙකු වන අතර, ජාතික ඔලිම්පික් කමිටුව සමග දශක ගණනාවක් ද එමෙන්ම ජාතික ක්‍රීඩා සම්මේලන වල සභාපති, උප සභාපති සහ මහ ලේකම් ධූර දැරීම තුළින් අත්දැකීම් සම්භාරයකින් පන්නරය ලබා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම ජයග්‍රහණ හිමිකරගත් අතර ඔහු, රියර් අද්මිරාල් නිලය දක්වා උසස්වීම් ලබමින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරු ගණනාවක් හෙබවූවකු බවද ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

 

ඔහුගේ පශ්චාත් උපාධි පර්යේෂණ හමුවේ ඔලිම්පික් ඉතිහාසඥයින්ගේ ජාත්‍යන්තර සංගමය  (ISOH) විසින් ගෞරවයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්ව ඇත. ක්‍රීඩා දර්ශනය ව්‍යාප්ත කිරීම කෙරෙහි උනන්දුවක් දක්වන ඔහු විශ්ව විද්‍යාල ගණනාවක දේශන පවත්වා ඔලිම්පික් ලෝක පුස්තකාලය ඇතුළු විවිධ ජනප්‍රිය ප්‍රකාශනවල ඔලිම්පික්, ඔලිම්පික් ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා පිළිබඳව පුළුල් ලෙස ලිපි 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු ක්‍රීඩා  කළමනාකරණ ආයතනයේ මහාචාර්ය වරයෙකු ලෙස ද සේවය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි (Chef-de-Mission) ලෙස ඔහු 2014 ඉන්චියොන් ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීමට දායක විය. ඔහු ඇතන්ස් 2004 ඔලිම්පික් ක්‍රීඩා, මැන්චෙස්ටර් 2002 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ෂර්බෲක් 2003 ලෝක යොවුන් ශූරතා, කථානියා 2003 ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා, දෝහා 2006 ආසියානු ක්‍රීඩා, හයිද්රාබාද් 2007 ලෝක ආරක්‍ෂක සේවා, අයිල් ඔෆ් මෑන් පොදු රාජ්‍ය මණ්ඩලීය යෞවන ක්‍රීඩා, ග්ලැස්ගෝ 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සහ ඉන්චියෝන් 2014 ආසියානු ක්‍රීඩා වැනි ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...