The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නදීෂා රාමනායක ශ්‍රී ලංකාව රනින් බබළවයි

T

The Leader Desk

July 13, 2023 • 3:48 PM

නදීෂා රාමනායක ශ්‍රී ලංකාව රනින් බබළවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ පැවැත්වෙන 25 වන ආසියානු ශූරතා මළල ක්‍රීඩා ශූරතාවලියේදී නදීශා රාමනායක
  • ඒ, මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙනි.
  • ඇය තරගය නිම කළේ තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමිනි.
  • එය මීටර් 400 කාන්තා ඉසව්වේදී නදීශා රාමනායක දැක්වූ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.

ඒ, මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙනි.

ඇය තරගය නිම කළේ තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමිනි.

එය මීටර් 400 කාන්තා ඉසව්වේදී නදීශා රාමනායක දැක්වූ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.

ඇය හා ඉසව්වේ තරග වැදුණු රටවල් පහක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු පරාජය කිරීමට සමත් වූ අතර 29 හැවිරිදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වසර 14කට පසුව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා දීමට සමත්වීම කැපී පෙනේ.

රන් පදක්කමක් ඊයේ දිනු නදීෂා, වීරකැටිය රාජපක්ෂ මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි. නදීෂාගේ පුහුණුකරු ඩබ්ලිව්. ජී.එම්. තුෂාර ද මෙම තරග සංචාරයට එක්ව සිටියි.

zfsaf

ආසියානු ශූරතා මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක්වූ අරුණ දර්ශනට සහ රාජික රාජකරුණාට එම ඉසව්වෙන් හිමිවූයේ 07 වන සහ 08 වන ස්ථානයයි.

ලබන ඉරිදා (16) දක්වා පැවැත්වෙන මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 43ක් සහභාගි වී සිටී.



වසර 2000දී ජකර්තා නුවර දී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් වරට එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ ආසියාවේ නව වෙළඹ ලෙස එකල විරුදාවලිය ලත් කේ.පී. දමයන්ති දර්ශා ය. ඒ තත්පර 51.5කටය. ඇගේ එම ආසියානු තරග වාර්තාව මේ දක්වා බිඳ වැටී නැත. 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...