The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රග්බි : ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවකට අතුරු තහනමක්

T

The Leader Desk

July 14, 2023 • 9:21 PM

රග්බි : ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවකට අතුරු තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින්
  • එම තහනම් නියෝගයට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහුගේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම තහනම් කර තිබෙන බවද නියෝගයේ සඳහන් වෙයි.
  • මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද නියෝගයේ දැක්වෙයි.
  • සබැඳි පුවත් : හි ටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි !
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක තීන්දුව දෙමිනි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනුකළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන විනිසුරු මඩුල්ලක් එම නියෝගය නිකුත් කළේය.

එම තහනම් නියෝගයට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහුගේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම තහනම් කර තිබෙන බවද නියෝගයේ සඳහන් වෙයි.

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද නියෝගයේ දැක්වෙයි.



සබැඳි පුවත් :

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...