The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගෘහ සේවයට ඩුබායි ගිය ජාතික ශූරිය !

T

The Leader Desk

July 15, 2023 • 5:29 AM

 ගෘහ සේවයට ඩුබායි ගිය ජාතික ශූරිය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවකට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ නිරතව සිටියි.
  • පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්විය.
  • ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමිනි.
  • තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ, සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්විය.

ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමිනි.

නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ.

තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ, සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි.

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියයි.

අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වනවිට එක්තැන්ව සිටියි.

තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවිය යුතු බවත් එය ක්‍රීඩා බලධාරින්ගේ වගකීමක් බවත් සචිනි පෙන්වා දෙයි.


(aruna.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...