The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස

T

The Leader Desk

July 18, 2023 • 4:24 AM

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ ‘පතායා’ නුවර දී නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා මීටර 4x400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම
  • 19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන අගෝස්තු 19 සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී පැවැත්වේ.
  • අනුර දර්ශන, රාජිත රාජකරුණා, පබසර කේෂාන් නිකූ හා කාලිංග කුමාරගේ ගෙන් සමන්විත ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම විනාඩි 3 තත්පර 01.56ක දක්ෂතාවයක් එහිදී ප්‍රදර්ශනය කිරීම වාර්තා වූයේ මෙම වසරේ මෙතෙක් ඉසව්වේ ලෝකයේම දෙවැනි හොඳම නිමි කාලය ලෙසිනි.
  • ශ්‍රී ලංකාව ‘බුඩාපේස්ට්’ ලෝක තරගාවලියේ අවස්ථාව හිමිකර ගැනීම වසර 2013 මොස්කව් නුවර දී පැවැති තරගාවලියෙන් පසුව මීටර 4x400 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගන්නා පළමු අවස්ථාව බවට පත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එළඹෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ ආසන්නයටම පැමිණ සිටියි.

19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන අගෝස්තු 19 සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී පැවැත්වේ.

අනුර දර්ශන, රාජිත රාජකරුණා, පබසර කේෂාන් නිකූ හා කාලිංග කුමාරගේ ගෙන් සමන්විත ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම විනාඩි 3 තත්පර 01.56ක දක්ෂතාවයක් එහිදී ප්‍රදර්ශනය කිරීම වාර්තා වූයේ මෙම වසරේ මෙතෙක් ඉසව්වේ ලෝකයේම දෙවැනි හොඳම නිමි කාලය ලෙසිනි.

ශ්‍රී ලංකාව ‘බුඩාපේස්ට්’ ලෝක තරගාවලියේ අවස්ථාව හිමිකර ගැනීම වසර 2013 මොස්කව් නුවර දී පැවැති තරගාවලියෙන් පසුව මීටර 4x400 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගන්නා පළමු අවස්ථාව බවට පත්වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් මලල ක්‍රීඩා හිටපු ජාතික දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන ‘ලංකාදීප’ය කළ විමසුමේ දී පවසා ඇත්තේ, බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ කර ගන්නා මීටර් 4x400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම් 16 අතරින් ශ්‍රී ලංකාව ‘පතායා’ නුවර දී පළ කළ දක්ෂතා හේතුවෙන් මේවනවිට 12 වැනි ස්ථානයේ පසුවන බවයි.

මෙම තත්ත්වය තුළ මේ වනවිට ශ්‍රී ලංකාව එම ඉසව්වෙන් සුදුසුකම් ලබාගැනීමේ ආසන්නයටම ළඟාවී සිටියි.

එළඹෙන ජුලි 28-29 යන දිනවල කොළඹ දී පැවැත්වෙන 101 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී කේවල ඉසව් හා සහය දිවීමේ ඉසව් ජයග්‍රහණවල දී පිරිනැමෙන ප්‍රසාද ලකුණු ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ කිරීමේ දී එකතු කිරීම ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබෙන අමතර වාසියකි.


පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Athletics 2023.07.18
25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණියේය.

 එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන්ම පාසල්වල ගුරු සිසු පිරිසක්ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත්වුණි.


(උපුටා ගැනීම් - kelimandala.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...