ඒ අනුව ජාත්‍යන්තර ටාගට්බෝල් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ ටාගට්බෝල් සභාපතිනිය ලෙස ක්‍රිෂ්ණි රත්නායක පත්කර ඇති අතර ඇය විසින් ශ්‍රී ලංකාව තුල ටාගට්බෝල් ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමට මේවනවිට අවශ්‍ය පියවරයන් ගනිමින් සිටියි.

ක්‍රිෂ්ණි රත්නායකශ්‍රී ලංකා ටාගට්බෝල් සභාපතිනිය වන ක්‍රිෂ්ණි රත්නායක අංගම්පොර, කායවර්ධනය වැනි ක්‍රිඩා ශිල්ප ප්‍රගුණකර ඇති දක්ෂ වෘත්තිකයෙක් වන අතර මේවනවිට ක්‍රිඩා ක්ෂේත්‍රයේ අධ්‍යාපනික නිලධාරීනියක් ලෙස කටයුතු කරමින් සිටියි.
ඉන්දියාව ඇතුලු ආසියානු කාලාපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත මෙම ක්‍රිඩාව ශ්‍රී ලංකාවට ලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩා ක්ෂේත්‍රයේ නව මාවතක් විවෘත වන බව පැවසු ක්‍රිෂ්ණි රත්නායක, ඒ හරහා මෙරට බොහෝ ක්‍රිඩකයන්ට හා වෘත්තීකයන්ට ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් මේ මගින් ලැබෙනු ඇතැයි ද පැවසුවාය.




