The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් : ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරඟය අහිමිවෙයි

T

The Leader Desk

July 22, 2023 • 2:01 AM

ක්‍රිකට් : ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරඟය අහිමිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට
  • සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී  (21) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානු පිල ලකුණු 60 ක ජයක් ලැබීය.
  • කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322 ක් රැස්කළ අතර එහිදී ඔමේර් යූසෆ් (88) සහ නායක මොහොමඩ් හාරිස් (52) අර්ධ ශතක ලබාගත්හ.
  • පන්දු 79 කදී වාර්තා වූ යූසෆ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින්ද, පන්දු 43 කදී වාර්තා වූ හාරිස්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම  (21) සමත් විය.

පාකිස්තානය මහ අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමඟ සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන් ‘ඒ’ කණ්ඩායම් අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී  (21) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානු පිල ලකුණු 60 ක ජයක් ලැබීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322 ක් රැස්කළ අතර එහිදී ඔමේර් යූසෆ් (88) සහ නායක මොහොමඩ් හාරිස් (52) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 79 කදී වාර්තා වූ යූසෆ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින්ද, පන්දු 43 කදී වාර්තා වූ හාරිස්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂද් ඉක්බාල් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත් අතර සුෆියාන් මුකීම් සහ මුබාසිර් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යද්දී, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අවිෂ්ක ප්‍රනාන්දු (97) සහ සහන් ආරච්චිගේ (97) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 128 ක සමබන්ධතාවක් ගොඩනැගූහ. කෙසේ වුවත් සෙසු පිතිකරුවන්ගේ සහාය නොලැබීම හේතුවෙන් ඔවුන්ට ඉලක්කය හඹා යෑමට නොහැකි වූහ.

පන්දු 85 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 109 කදී වාර්තා වූ සහන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය. අවිෂ්කගේ දැවී යෑමෙන් අනතුරුව නායක දුනිත් වෙල්ලාලගේ (14) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක් එක් කිරීමට සහන් සමත් වුවද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.


පාකිස්තාන ‘ඒ’ පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 322  
(සයිම් අයුබ් 22, ඔමේර් යූසෆ් 88, ටයාබ් තාහීර් 26, මොහොමඩ් හාරිස් 52, මුබසිර් ඛාන් 42, මොහොමඩ් වසීම් 24, ළහිරු සමරකෝන් 42/2, චාමික කරුණාරත්න 55/2, ප්‍රමෝද් මධුෂාන් 56/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 262
(අවිෂ්ක ප්‍රනාන්දු 97, සහන් ආරච්චිගේ 97, අෂේන් බණ්ඩාර 17, දුනිත් වෙල්ලාලගේ 14, අර්ෂඩ් ඉක්බාල් 37/5, සුෆියාන් මුකීම් 44/2, මුබාසිර් ඛාන් 45/2)

 

xgsd

cgser

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...