The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි

T

The Leader Desk

July 22, 2023 • 4:23 PM

ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය.
  • 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක්  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
  • ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි.
  • අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තමන් සමුගන්නා බව ලහිරු තිරිමාන්න නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක්  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට හිමිවූ බොහෝ ජයග්‍රහණවලට මග පාදන්නෙක් වෙමිනි.

අද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තමන් සමුගන්නා බව ලහිරු තිරිමාන්න නිවේදනය කළේය.

ඔහු සිය සමුගැනීමේ සටහන තබමින් සඳහන් කළේ, "ක්‍රීඩකයෙක් විදියට මම මගේ උපරිමය මගේ රට වෙනුවෙන් ලබාදුන්නා.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම ක්‍රීඩාවට ගරු කළා.. මම මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටුකර තිබෙනවා."

"මෙම තීරණය ගැනීම මට අපහසු වුණා.. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට මට බලපෑ බෝහෝ හේතු මෙහි සඳහන් කරන්න බැහැ." යනුවෙන් ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. 

 
2014 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ තිරිමාන්න ප්‍රබල සාමාජිකයෙකි.

ඒ අතර 2014 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනු කණ්ඩායමේද තිරිමාන්න ප්‍රබල සමාජිකයෙකි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...