The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු නව ව්‍යවස්ථාව බලාත්මත කරමින් ගැසට් නිවේදනයක්

T

The Leader Desk

July 25, 2023 • 5:30 PM

පාපන්දු නව ව්‍යවස්ථාව බලාත්මත කරමින් ගැසට් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාව විසින් පසුගිය 2022 සැප්තැම්බර් 22 වන
  • ඒ, 2023 ජූලි 24 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් අංක 2342/09 දරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරමිනි.
  • ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ කමිටුවට පැවරී ඇත.
  • එතැන් සිට ජස්වර් උමාර් ඇතුළු බහුතර සාමාජිකයන් අධිකරණයේ පිහිට පතා නඩු කීපයක් ගොනු කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගනු නව ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පිළිගෙන තිබේ.

ඒ, 2023 ජූලි 24 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් අංක 2342/09 දරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරමිනි.

එම ගැසට් නිවේදනය මගින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ කමිටුවට පැවරී ඇත.

Foot ball

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් සහ හිටපු ලේකම් උපාලි හේවගේ යන අය විසින් 2022 සැප්තැම්බර් 22 වන ඉදිරිපත් කරනු ලැබූ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා හදිසියේම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමට කටයුතු කලේය.

එතැන් සිට ජස්වර් උමාර් ඇතුළු බහුතර සාමාජිකයන් අධිකරණයේ පිහිට පතා නඩු කීපයක් ගොනු කලේය. මෙහිදී පාපන්දු සම්මේලනය විසින් සම්මත කළ නව ව්‍යවස්ථාව පිළිගෙන ජාත්‍යන්තර සම්මේලන රෙගුලාසි වලට අනුව ස්වාධීන නිලවරණයක් පවත්වන ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.  

මේ අතර අනිසි දේශපාලන ඇඟිලි ගැසීම් වලට විරෝධය පළකරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් පසුගිය ජනවාරි මස සිට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තහනමකට ලක්කළේය. මේ සමගම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාව ඇහිරිණි.



පසුගිය මාස 8ක කාලයක් තුල ජස්වර් උමාර් පාර්ශවය, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සාකච්ජා කිහිපයක් පැවැත්වූ අතර අවසානයේදී රටේ පාපන්දුවේ උන්නතිය උදෙසා සියළු පාර්ශවයන් එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවේ.

 


එම සාකච්ජාවල ප්‍රතිපලයක් ලෙස නව ව්‍යවස්ථාව යටතේ කිසිම දේශපාලන හෝ තෙවන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව නිලවරණයක් පැවැත්වීමට අදාළ කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඇමතිවරයා විසින් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් ගැසට් කර ඇත.

මෙතැන් සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ස්වාධීනව කටයුතු කරන අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ පාපන්දු සම්මේලනයේ සාමාජිකයන්වන ලීගයන් එක්වී නිලවරණය සඳහා වූ කටයුතු සහ අනෙකුත් පරිපාලන කටයුතු ගැන තීන්දු තීරණ ගැනීමට නියමිතය.



අමාත්‍යංශය විසින් ගනුලැබූ මෙම ක්‍රියාමාර්ගයන් සමඟ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ශ්‍රී ලංකාවේ නම ඇතුලත් කිරීමට එකඟතාවය පලකර තිබේ. කෙසේ නමුත්, ජාත්‍යන්තර තහනම එලෙසම පැවැත්වෙන බැවින් මෙම වසරේ ඔක්තෝබර් මස 07 වෙනිදාට පෙර නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් නොකලහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගිවීමේ  අවස්ථාව අහිමිවන අතර ජාත්‍යන්තර තහනමද එලෙසම පවතිනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරියකු පැවසිය.

 

මේ අවස්ථවෙදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයත්, හිටපු සභාපති ජස්වර් උමාර් ඇතුළු පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පිරිසත් බෙදීමකින් තොරව එක්වී ශ්‍රී ලංකාවේ පාපන්දුවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම පාපන්දුවට ලැදි සියලු දෙනාගේ අපේක්ෂාව බවද ඔහු කියා සිටියේය.


සබැඳි පුවත් :

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් !

ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...