The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු : අවුරුද්දක්ම නිකන් හිටිය ලංකාව උඩයයි

T

The Leader Desk

July 26, 2023 • 8:26 AM

පාපන්දු : අවුරුද්දක්ම නිකන් හිටිය ලංකාව උඩයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරකටත් වැඩි කාලයක් තිස්සේ අන්තර් ජාතික තරඟ සඳහා සහභාගි නොවූවත් ශ්‍රී ලංකාව ජුලි 20දා සිදුකළ නවතම අන්තර් ජාතික පාපන්දු (පිරිමි)
  • පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනමට ලක්ව සිටින අතර එවැනි තත්ත්වයක් තුළ මෙසේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම කැපී පෙනෙනම සිදුවීමකි.
  • ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වී ඇත්තේ 2022 ජුනි 14 වැනිදා ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී මාලදිවයිනට එරෙහිවය.
  • උස්බෙකිස්ථානයේදී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1-0කින් පරාජය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේණිගත කිරීම් අනුව 207 වැනි ස්ථානයේ සිට 204 වැනි ස්ථානය දක්වා පියවර තුනකින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනමට ලක්ව සිටින අතර එවැනි තත්ත්වයක් තුළ මෙසේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම කැපී පෙනෙනම සිදුවීමකි.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වී ඇත්තේ 2022 ජුනි 14 වැනිදා ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී මාලදිවයිනට එරෙහිවය.

උස්බෙකිස්ථානයේදී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1-0කින් පරාජය වී තිබේ. වසර 2021 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන (2022) සුදුසුකම් සාෆ් ශූරතා (2021) හා අගමැති කුසලාන සිව්කොන් (2021) යන අන්තර් ජාතික පාපන්දු තරග 10කට සහභාගි වී කොළඹ දී පැවැති සිව්කොන් තරගාවලියේදී බංග්ලාදේශය සමග තරගය පමණක් (2-1) ජය ගෙන තිබේ.

එහිදී ඉන්දියාව හා මාලදිවයින සමග පැවති තරග දෙකත් ජයපරාජයෙන් තොරව අවසන් කර සෙසු තරඟ පරාජයට පත්ව තිබේ.

 

ශ්‍රී ලංකාව 2022 ජුනි මාසයේදී 207 වැනි ස්ථානය තෙක් එතෙක් ලබාගත් පහළතම ශ්‍රේණිගත කිරීමට ලක්විය. එයින් පසුව ශ්‍රී ලංකාව වසරකට වැඩි කාලයක් ගෙවා දැමීමෙන් පසුව 204 වැනි ස්ථානය දක්වා මෙලෙස ඉහළට පැමිණීමට හැකියාව ලැබී තිබේ.

 

වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි නොවූ ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම පිළිබඳව 'ලංකාදීප' පුවත්පත කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන ජස්වර් උමාර් මෙසේ සඳහන් කර ඇත.

1625050799 jaswar umar football sri lanka

ජස්වර් උමාර්

‘‘පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරඟ සහභාගිත්වයට හිමි ප්‍රසාද ලකුණු අගය මෙතැනදී එකතු වෙලා තිබෙනවා. ඒ අතර අපට ඉහළින් ශ්‍රේණිගත වෙලා හිටපු රටවල් කීපයක ජාත්‍යන්තර තරඟ පරාජය තුළ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ගණන මෙවර අවම වෙලා. ඒ නිසා ඔවුන් ශ්‍රේණිගත කිරීමෙහි පහළටම ගිහින් තිබෙනවා. එහි වාසිය මෙසේ ශ්‍රී ලංකාවට අනියත ආකාරයෙන් ලැබීමෙන් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ඇවිත් තිබෙනවා.’’

මේ ආකාරයට කලින් පැවති ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් කීපයක්ද ඉදිරියට පැමිණ තිබේ. නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 2022 ලෝක කුසලාන දිනූ ආජන්ටිනාව එහි පෙරමුණේම පසුවේ.

ආසියාවේ මුල් තැන එහිදී හිමිව ඇත්තේ ජපානයටයි. කෙසේ  වුවත් ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් අවසන් (46) වැනි ස්ථානයේ පසුවේ.

(kelimandala.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාපන්දු : අවුරුද්දක්ම නිකන් හිටිය ලංකාව උඩයයි | The Leader