The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ලංකාවට අවස්ථාවක් දෙයි

T

The Leader Desk

July 26, 2023 • 7:10 PM

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ලංකාවට අවස්ථාවක් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ආසියානු කලාපයේ සුදුසුකම් ලබාගැනීමේ
  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පනවා තිබු කොන්දේසි කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සපුරා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත.
  •   පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය මූලික වටයේ තරඟ ඔක්තෝබර් මස 12වැනිදා සිට 17 වැනිදා අතර පැවැත්වීමට නියමිතය.
  • අමාත්‍යංශයෙන් ඉදිරි පියවර රැසක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සහ අනෙකුත් පරිපාලන කටයුතු සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මුලික වටයේ තරඟ සඳහා ශ්‍රී ලංකාව ඇතුලත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් අද (26) තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පනවා තිබු කොන්දේසි කිහිපයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සපුරා තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත.  

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය මූලික වටයේ තරඟ ඔක්තෝබර් මස 12වැනිදා සිට 17 වැනිදා අතර පැවැත්වීමට නියමිතය.

කෙසේනමුත්, ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර තහනම එලෙසම පැවැත්වෙන බැවින් ඔක්තෝබර් මස 12 වැනි දිනට එළඹී තිබෙන පළමු තරඟයට පෙර නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් නොකලහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවන අතර ජාත්‍යන්තර තහනමද එලෙසම පවතිනු ඇත.

fifa QUali


අමාත්‍යංශයෙන් ඉදිරි පියවර රැසක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සහ අනෙකුත් පරිපාලන කටයුතු සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම ත්‍රි පුද්ගල කමිටුව පත් කර ඇති අතර ඒ අනුව එහි සභාපතිත්වය දරන්නේ ඒ. ජී. සී.දේශප්‍රිය යි. ලේකම් ලෙස එන්.කේ. කපුරුබණ්ඩාර මහත්මිය සහ භාණ්ඩාගාරික ලෙස කේ.ඒ.ආර්.සී.කහඳවල පත් කර තිබේ.

2022 සැප්තැම්බර් මස 22වැනිදා සම්මත කර ගත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමට නියමිත අතර ඒ අනුව පාපන්දු නිලවරණයෙන් පත්වන නිලධාරින් සඳහා වසර හතරක නිල කාළයක් ද හිමිවේ.


සබැඳි පුවත් :

පාපන්දු නව ව්‍යවස්ථාව බලාත්මත කරමින් ගැසට් නිවේදනයක්

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...