The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දුව ගොඩගන්න ‘පස මිතුරෝ’ අද එකම මේසයක

T

The Leader Desk

July 29, 2023 • 9:03 AM

 පාපන්දුව ගොඩගන්න ‘පස මිතුරෝ’ අද එකම මේසයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට පනවා තිබෙන පාපන්දු තහනමට මාස හයක් කල් ඉකුත් වෙද්දී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023-24) කැඳවීමට සැලසුම් සූදානම් කර තිබේ.
  • එහි අරමුණ, ලබන ඔක්තෝබර් 7 වැනිදාට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශයට හා කොන්දේසිවලට අනුකූලව පවත්වා අවසන් කිරීමය.
  • පසුගිය ජනවාරි 12 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන අන්තර්ජාතික පාපන්දු තහනම හමුවේ එතැන් සිට මෙරට සියලු දේශීය තරග සංවිධානය හා ජාත්‍යන්තර තරග සහභාගිත්වය ඇනහිට තිබේ.
  • ජස්වර් උමාර් පැවැසුවේ, බැද්දගානට ලීග් ප්‍රධානීන් රැස්කරවා, නිලවරණය හැකි ඉක්මනින් කැඳවා, අවසන් කිරීමට එහිදී සැලසුම් කෙටුම්පත් කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි ආරම්භයක් ලෙස අද (29) පස්වරු 6.00ට කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පාපන්දු ලීග් (සංගම්) ප්‍රධානීන් කැඳවීමට තීරණය වී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරුන් වන ජස්වර් උමාර්, රංජිත් රුද්‍රිගු හා හිටපු සභාපති අපේක්‍ෂකයකු වන වෛද්‍ය මනිල් ප්‍රනාන්දු බැද්දගානේදී අද පස්වරුවේදී පැවැත්වෙන රැස්වීමේ දී සභාව ඇමතීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

එහි අරමුණ, ලබන ඔක්තෝබර් 7 වැනිදාට පෙර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශයට හා කොන්දේසිවලට අනුකූලව පවත්වා අවසන් කිරීමය.

පසුගිය ජනවාරි 12 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන අන්තර්ජාතික පාපන්දු තහනම හමුවේ එතැන් සිට මෙරට සියලු දේශීය තරග සංවිධානය හා ජාත්‍යන්තර තරග සහභාගිත්වය ඇනහිට තිබේ. ශ්‍රී ලංකාවට ලැබෙන සියලු ජාත්‍යන්තර පාපන්දු අරමුදල් ද එතැන් සිට අත්හිටුවා තිබේ.

ජස්වර් උමාර් පැවැසුවේ, බැද්දගානට ලීග් ප්‍රධානීන් රැස්කරවා, නිලවරණය හැකි ඉක්මනින් කැඳවා, අවසන් කිරීමට එහිදී සැලසුම් කෙටුම්පත් කරන බවයි.

 මතභේදයට තුඩු දුන් පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සම්මත කළ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සංශෝධිත ව්‍යවස්ථාව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් පසුගිය සඳුදා (24) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනුමත කර ලියාපදිංචි කිරීම පසමිතුරු කණ්ඩායම් මෙසේ ඒකරාශී කිරීමට විශාල පිටුවහලක් වී ඇත.

කෙසේ වුවත් මෙම සංශෝධිත ව්‍යවස්ථාව පිළිගැනීම ක්‍රීඩා ඇමැතිවරයා මේ දක්වා ප්‍රතික්ෂේප කර තිබුණි. මෙරට ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රශ්නය අරබයා මෑතක සිට දක්වන නම්‍යශීලීභාවයට ගරු කිරීමක් ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මේ වනවිට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත්තේ මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කලාපීය සුදුසුකම් තරග වටයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට සලකා බලන බවයි.

එහෙත් එහිදී ඉදිරිපත්ව ඇති ප්‍රධානතම කොන්දේසිය වන්නේ එකී ලෝක කුසලාන සුදුසුකම් තරග වටයේ කුසපත් ඇදීමට කලින් ලබන ඔක්තෝබර් 7 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කිරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම සම්පූර්ණ කළ යුතු බවයි.

 මේ අතර ජනවාරි 14 වැනිදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු සභාපති ජස්වර් උමාර් හා ලීග් නියෝජිතයන් පිරිසක් පැවරූ නඩු දෙකක් අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතී. දැනට පවතින තත්ත්වය යහපත් අතට හැරුණොත් මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශ්ව කටයුතු කරනු ඇති බවත් මේ අතර වාර්තා වේ.

මේ අතර ඉදිරියේදී කැඳවන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය මෙහෙයවීම සඳහා පාපන්දු හිටපු ජාතික විනිසුරුවරයකු වන ඒ.ජී.සී. දේශප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල (නිලවරණ) කමිටුවක් ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් පත් කර තිබේ.


(මුලාශ්‍රය - kelimandala.lk)


සබැඳි පුවත් :
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා ලංකාවට අවස්ථාවක් දෙයි

පාපන්දු නව ව්‍යවස්ථාව බලාත්මත කරමින් ගැසට් නිවේදනයක්

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...