The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 'හිරු'ට පැනවූ වාරණය ඉවත්කර ගනී !

T

The Leader Desk

July 29, 2023 • 5:34 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 'හිරු'ට පැනවූ වාරණය ඉවත්කර ගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 'හිරු' මාධ්‍ය ජාලයට පැනවූ වාරණය ඉවත්කරගෙන ඇති
  • එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපතිවරයා වෙත ඊයේ ලිපියක් යොමු කර තිබූ අතර එහි පිටපතක් හිරු මාධ්‍ය ජාලයේ සභාපති වෙතද යොමුකර තිබිණ.
  • එහි දැක්වුණේ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වෙත තහනමක් පැනවූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.
  • 2023 ජුනි 23 වනදා පැවැත්වූ කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා කර 'හිරු' මාධ්‍ය ජාලය සඳහා ලබාදී තිබූ නිල මාධ්‍ය අවසර පත්‍රය තවදුරටත් දීර්ඝ නොකිරීමට පමණක් තීරණය කර තිබූ බවද එම ලිපියේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර ඊට අදාළ නිල දැනුම්දීම ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසින් විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට හා හිරු මාධ්‍ය ජාලයේ සභාපති වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කිසිදු පෙර දැනුම්දීමකින් හෝ තොරව හිරු මාධ්‍ය ජාලයේ ක්‍රීඩා අංශය වෙත වාරණයක් පැනවීමට පසුගියදා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වූ තරගාවලි ආවරණය කිරීමට මෙන්ම ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රවෘත්ති සාකච්ඡා ආවරණය කිරීමටත් ඔවුන් 'හිරු' ක්‍රීඩා අංශය වෙත ඉඩ ප්‍රස්ථාව ලබා නොදුන්නේය.



මෙලෙස හිරු මාධ්‍ය ජාලයට වාරණයක් පැනවූ පසුබිමක ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දුන්නේ මෙම වාරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත්, මාධ්‍ය නිදහසට විරුද්ධව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.



එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපතිවරයා වෙත ඊයේ ලිපියක් යොමු කර තිබූ අතර එහි පිටපතක් හිරු මාධ්‍ය ජාලයේ සභාපති වෙතද යොමුකර තිබිණ.

එහි දැක්වුණේ විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වෙත තහනමක් පැනවූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

2023 ජුනි 23 වනදා පැවැත්වූ කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා කර 'හිරු' මාධ්‍ය ජාලය සඳහා ලබාදී තිබූ නිල මාධ්‍ය අවසර පත්‍රය තවදුරටත් දීර්ඝ නොකිරීමට පමණක් තීරණය කර තිබූ බවද එම ලිපියේ සඳහන් වේ.

කෙසේ වෙතත් විද්‍යුත් විකාශකයින්ගේ සංගමය යොමු කළ ලිපිය 2023 ජුලි 27 වනදා රැස්වූ කළමනාකරණ කමිටු රැස්වීමේදී සැලකිල්ලට ගත් බවත්, ඒ අනුව 2023 ජුලි 30 වනදා ඇරඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා හිරු මාධ්‍ය ජාලයට අවසර ලබාදීමට තීරණය කළ බවත් එහි දැක්වේ.

jbgjk

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...