The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ජැෆ්නා කිංග්ස්' පරදා 'දඹුල්ල අවුරා' ජයගනී

T

The Leader Desk

August 1, 2023 • 4:05 PM

'ජැෆ්නා කිංග්ස්' පරදා 'දඹුල්ල අවුරා' ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 සිවුවැනි තරගය ලෙස
  • දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 130 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
  • අවිෂ්ක ප්‍රනාන්දු (52) සහ නායක කුසල් මෙන්ඩිස් (29) එක්ව ආරම්භක කඩුල්ල‍වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 76 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
  • පන්දු 32 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හ‍යේ පහරකින් සහ හ‍තරේ පහර 4 කින් සමන්විත විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති දිනයේ පළමු තරගයේදී 'දඹුල්ල අවුරා' ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල  පරාජය කිරීමට සමත් වූහ.

දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 130 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

අවිෂ්ක ප්‍රනාන්දු (52) සහ නායක කුසල් මෙන්ඩිස් (29) එක්ව ආරම්භක කඩුල්ල‍වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 76 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 32 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හ‍යේ පහරකින් සහ හ‍තරේ පහර 4 කින් සමන්විත විය.

අර්ධ ශතකය ලබාගැනීමෙන් පසු විජයකාන්ත් වියස්කාන්ත්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් අවිෂ්ක දැවී ගිය අතර ඒ සමගම දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත් විය. දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද අගනා පිතිහඹයක නිරත වූ කුසල් පෙරේරා පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම‍ට ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්කළ බිනුර ප්‍රනාන්දු, කඩුල්ලක් දවාගනිමින් 19 වැනි ඕවරය එක් ලකුණකට සීමා කිරීමටද සමත් විය. ඔහු යැවූ සෙසු ඕවර දෙකේදී ලකුණු 26 ක් උදුරාගැනීමට ජැෆ්නා පිතිකරුවන් සමත් වුවද, ඒ අතරවාරයේ ප්‍රියමාල් පෙරේරා (5) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමටද බිනුර සමත් විය.

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ චරිත් අසලංක පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකණු 56 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 20 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් (14) දැවී ගියද, තව්හිද් රිඩෝයි (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසලංක සමත් විය.

ඒ අනුව මුල් ඕවර 10 නිමාවන විට ජැ‍ෆ්නා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය. සිය මංගල එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ වේඩිව් මිලර්ට පන්දු 18 කදී හ‍තරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. ‍අවසන් ඕවරය යැවූ හේඩ්න් කේර්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජනිත් ලියනගේ එක්ස්ට්‍රා කවර් කලාපයේ සිට ඉදිරියට පැන රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් මිලර්ගේ ඉනිම නිමාවට පත් විය.


ඩේවිඩ් මිලර් අද 'ජැෆ්නා' සමඟ තරග බිමේ


කණ්ඩායම් දෙකම එක් වෙනස්කම බැගින් සිදුකරමින් මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ජැෆ්නා කණ්ඩායමට නිෂාන් මධුෂ්ක වෙනුවට ඩේවිඩ් මිලර්ද, දඹුල්ල කණ්ඩායමට ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට නූර් අහමඩ්ද ඇතුළත්ව සිටියහ. ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැලකෙන මිලර් ලංකා ප්‍රීමියර් ලීග් තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙය වූ අතර මෙවර තරගාවලියට ක්‍රීඩා කරන මිල අධිකම ක්‍රීඩකයාද ඔහුය.

scor{gallery}LPL- JK vs DA{/gallery}

 



(kelimandala.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ජැෆ්නා කිංග්ස්' පරදා 'දඹුල්ල අවුරා' ජයගනී | The Leader