The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා තීන්දුවක් ගනී !

T

The Leader Desk

August 3, 2023 • 5:07 AM

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා තීන්දුවක් ගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.
  • පසුගිය කාල සීමාවේදී තමන් ආබාධයකට ලක්වීම මෙම තීරණය ගැනීමට හේතුවූ බවත් ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ විමට නියමිත ආසියානු ශුරතාවලියට තරග කිරීම සිය ඉලක්කය බවත් යුපුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
  • ඉකුත් මැයි මාසයේ දී ඉතාලියේ සැවෝනා හි පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේ, අවසන් භාගයේ දී යුපුන් අබේකෝන් පාදයේ ආබාධයකට ලක්විය.
  • සිය සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් සඳහන් කර ඇත්තේ MRI ස්කෑන් පරීක්ෂණයකින් පසු සිය පාදයේ කලව ආශ්‍රිතව සුළු ආබාධයක් ඇති බව වෛද්‍යවරුන් හඳුනා ගත් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆේස්බුක් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දැනුම් දී ඇත.

පසුගිය කාල සීමාවේදී තමන් ආබාධයකට ලක්වීම මෙම තීරණය ගැනීමට හේතුවූ බවත් ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ විමට නියමිත ආසියානු ශුරතාවලියට තරග කිරීම සිය ඉලක්කය බවත් යුපුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

" මෙම තීරණය ගැනීමේදී එය ඉතා තීරණාත්මක එකක් වුනා. මේ වසරේදී මා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි තරගාවලි දෙකෙන් එකක් ගැන තීරණය ගැනීමට සිදුවුණා. ඒ අනුව මම බලධාරීන්ට දැනුම් දුන්නා ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් මා ඉවත් වනවා කියා. ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන ආසියානු ශුරතාවලියට මගේ මුළු අවධානය යොමු කර තිබෙනවා." යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති නිවේදනයේ සඳහන් කර තිබේ.

la dominicana Marileidy Paulino argento a Tokyo sui 400 metri. 34
ඉකුත් මැයි මාසයේ දී ඉතාලියේ සැවෝනා හි පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේ, අවසන් භාගයේ දී යුපුන් අබේකෝන් පාදයේ ආබාධයකට ලක්විය.

ප්‍රධාන තරගාවලි අහිමිවෙයි ද?

සැවෝනා හි පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේ, අවසන් භාගයේ දී පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන්ට සති කිහිපයේදී විවේක ගන්නා ලෙස ඔහුගේ වෛද්‍ය කණ්ඩායම උපදෙස් ලබා දී තිබුණි.

සිය සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් සඳහන් කර ඇත්තේ MRI ස්කෑන් පරීක්ෂණයකින් පසු සිය පාදයේ කලව ආශ්‍රිතව සුළු ආබාධයක් ඇති බව වෛද්‍යවරුන් හඳුනා ගත් බවයි.

ඒ අනුව තමන්ට සති කිහිපයක් විවේක ගැනීමට උපදෙස් ලබාදී ඇති බවත්, මේ වන විටත් සිය වෛද්‍යවරු සහ භෞතික චිකිත්සකවරුන් සමග පුනුරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් ඔහු පවසා තිබේ.

යුපුන්ට අහිමිවන තරග මොනවා ද?

ආබාධයට ලක්වීම නිසා, පිරිමි මීටර් 100 ඔලිම්පික් ශූරයින් සහ ලෝක ශූර ක්‍රීඩකයින් සමග තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක යුපුන් අබේකෝන්ට අහිමි විය.

ඒ අනුව යුපුන් ෆ්ලොරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් ඉවත් වුණි.

ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදුන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා

ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෑතකදී සමත් විය.

යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් එලෙස රිදී පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.

“මේ වසරට විශිෂ්ට ආරම්භයක්! මම හැමදාම කියනවා වගේ ඉවසීමෙන්, විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සිටීම අනාගතයේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් හොඳ මාර්ගයක්."

"මට තත්පර 10.01 (+2.7) ක කාලයකින් 2 වැනි ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ගමනට සහය දුන් සැමට ස්තුතියි." යනුවෙන් තරගයෙන් පසු යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

YA 2w
කවුද මේ යුපුන් අබේකෝන් ?

අබේකෝන් මුදියන්සේලාගේ යුපුන් ප්‍රියදර්ශන උපත ලබන්නේ 1994 වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනිදා පන්නල ප්‍රදේශයේ දියි. ඔහු පන්නල ජාතික පාසැලෙන් සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

යුපුන් පන්නල ජාතික පාසැලේ සිට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ අධ්‍යාපනයට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නේ පාසැල් සමයේ සිට මළල ක්‍රීඩා ඉසව් සඳහා ඔහු දක්වන දක්ෂතාවයයි.

2014 වසරේදී යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන අතර ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කළේය.

YA 1
මළල ක්‍රීඩා පිටියේ දක්ෂතාවයන්

# යුපුන් 2013 වසරේ ඉන්දියාවේ, රංචි හි පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර පිරිමි තුන්පිම්ම තරගයෙන් සිව්වැනි ස්ථානයට පත්විය.

# 2015 මිලිටරි ලෝක ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනු කණ්ඩායම නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

# යුපුන් ගේ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් යටතේ ඔහුට ඉතාලියේ ෆිආමි ගිලී (Fiamme Gille) ක්‍රීඩා ඇකඩමියේ පුහුණුවීම් සඳහා ඇතුලත් වීමට අවස්ථාව උදාවිය.

# 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 × 4 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමට හිමිකම් කී කණ්ඩායම නියෝජනය කිරීමට ද යුපුන් සමත් විය.

# 2020 සැප්තැම්බර් 8 වන දින, ජර්මනියේ ඩෙසාවු හි පැවති මලල ක්‍රීඩා තරගයකදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.16 ක කාලයකින් ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

එහිදී ඔහු මීටර් 100 පිරිමි ඉසව්වෙන් හිමාෂ ඊෂාන් සතුව තිබූ දකුණු ආසියානු වාර්තාව මෙන්ම ජාතික වාර්තාව ද බිඳ දැම්මේය.

YA 3
# යුපුන් අබේකෝන් "දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා" යන අන්වර්ථ නාමය තමන් සතු කර ගත්තේ පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමෙන් පසුවය.

# 2020 සැප්තැම්බර් 26 වන දින, ස්විට්සර්ලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කොටසක් ලෙස ගාලා ඩී කැස්ටෙලි හිදී තත්පර 10.24 ක කාලයකින් මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

# 2020 ගාලා ඩී කැස්ටෙලි තරග ඉසව්වේ දී ඔහුගේ ලෝකඩ පදක්කම් ජයග්‍රහණයත් සමග යුපුන් අබේකෝන්, 1990 දශකයෙන් පසු ප්‍රවීණ යුරෝපීය සහ අප්‍රිකානු කෙටි දුර ධාවන තරගකරුවන් සමගින් ධාවන ඉසව්වකට සහභාගිවූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත්විය.

# වසර 2021 ෆ්ලොරන්ස්ෆ ඩයමන්ඩ් ලීග් ධාවන තරගාවලියේ දී පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් සිව්වන ස්ථානයට යුපුන් අබේකෝන් පත්වූ අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 48 ස්ථානයට පත් විය.

# 2022 ජුලි 3 වෙනිදා, යුපුන් අබේකෝන් රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර ශූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුවේය. එහිදී ඔහු එම තරගය තත්පර 9.96 කින් අවසන් කිරීමට සමත් විය.ඔහුගේ එම නිපුණත්වය හමුවේ යුපුන්, තත්ත්පර 10 බාධකය බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා මෙන්ම පළමු දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයා බවට ඉතිහාස ගත වූ අතර, ඔහු සමස්ත ඉතිහාසයේ සිව්වන ආසියානු ක්‍රීඩකයා බවට ද පත්විය.

YA 4
# 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සුදුසුකම් ලැබූ අතර, එම වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම පිරිමි ක්‍රීඩකයා වුයේ ද ඔහුයි.

# 2022 අගෝස්තු 3 වෙනිදා, බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර 10.14 කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

# 1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රියානි කුලවංශ සහ සුගත් තිලකරත්නගේ පදක්කම් ජයග්‍රහණයෙන් පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද ඔහු පත්විය.

# එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද යුපුන් අබේකෝන් ය.

(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...