The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තර්ජිනී සිවලිංගම්: ශ්‍රී ලංකාවේ දැල්පන්දු තරුව ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගනියි

T

The Leader Desk

August 7, 2023 • 12:01 PM

තර්ජිනී සිවලිංගම්: ශ්‍රී ලංකාවේ දැල්පන්දු තරුව ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගනියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
  • “හෙට (8) නෙට්බෝල් කණ්ඩායම ලංකාවට ගියත් මම ඔවුන් සමඟ නැවත ලංකාවට එන්නේ නැහැ.
  • සිවලිංගම් ආසියානු දැල්පන්දු ශූරතා පහක් (2009, 2012, 2014, 2018 සහ 2022) සහ නෙට්බෝල් ලෝක කුසලාන හතරක් (2011, 2015, 2019 සහ 2023) ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වී ඇත.
  • එසේම ඇය වරක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වූ තමා දැන් වයස අවුරුදු 45ක් බැවින් ජාත්‍යන්තර තරගාවලියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ඇය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ සිට “ඩේලි මිරර්” වෙත පවසා තිබේ.

“හෙට (8) නෙට්බෝල් කණ්ඩායම ලංකාවට ගියත් මම ඔවුන් සමඟ නැවත ලංකාවට එන්නේ නැහැ. මම ජාත්‍යන්තර දැල්පන්දු ක්‍රීඩාවට සමු දුන්නත් අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල්වලට සහභාගී වෙනවා. ඒ වගේම මට කවදාවත් ශ්‍රී ලංකාව අමතක වෙන්නේ නැහැ.'' ඇය පැවසුවාය.

සිවලිංගම් ආසියානු දැල්පන්දු ශූරතා පහක් (2009, 2012, 2014, 2018 සහ 2022) සහ නෙට්බෝල් ලෝක කුසලාන හතරක් (2011, 2015, 2019 සහ 2023) ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වී ඇත. එසේම ඇය වරක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය.

“ලෝක කුසලානයට පෙර බොට්ස්වානා හි පැවති පුහුණු තරගවලදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම් කරන්න ලැබුණේ. ඒ වගේම මම සහභාගී වූ ලෝක කුසලාන තරග දෙකේදීම මගේ උපරිමයෙන් ක්‍රීඩා කළා,” ඇය පැවසුවාය.

සිවලිංගම් 2011 නෙට්බෝල් ලෝක කුසලානයේ ලොව හොඳම දැල් පන්දු විදින්නිය සම්මානය සහ 2009 සහ 2012 දී ආසියානු දැල්පන්දු විදින්නිය සම්මානය දිනා ගත්තාය.

(lankasara.com)

THARJINI SIVALINGAM RETIRES FROM INTERNATIONAL NETBALL

සබැඳි ලිපි:
තර්ජිනී සිවලිංගම්: "බයේ එදා හැංගිලා හිටියනම්, අද මම මේ තත්ත්වයේ නැහැ"

Tharjini Sivalingam

Cover 75

ts e


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තර්ජිනී සිවලිංගම්: ශ්‍රී ලංකාවේ දැල්පන්දු තරුව ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගනියි | The Leader