The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බාබර්ගේ පිත්ත කලම්බු ස්ට්‍රකර්ස්ලට ජය ගෙනෙයි

T

The Leader Desk

August 7, 2023 • 5:47 PM

බාබර්ගේ පිත්ත කලම්බු ස්ට්‍රකර්ස්ලට ජය ගෙනෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ පස්වැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රකර්ස් කණ්ඩායම
  • එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බාබාර් අසාම් පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය.
  • තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස්කිරීමට සමත් විය.
  • එහිදී ටිම් සයිෆර්ට් පන්දු 35කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 54ක් රැස්කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.

එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බාබාර් අසාම් පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටිම් සයිෆර්ට් පන්දු 35කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 54ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා ළකුණු 189 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 19 පන්දු පහක දී කඩුලු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

බාබර් අසාම්ගේ මෙම ශතකයත් සමග LPL තරග ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීවේය. 

එමෙන්ම මෙම ශතකය බාබර්ගේ 10 වැනි විස්සයි-20 ශතකය ලෙසින් වාර්තා පොත් අතරට එක් විය. ඒ අනුව එය ලොව වැඩිම විස්සයි-20 ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානය දක්වා බාබර්ව ඉදිරියට ගෙන ඒමට සමත්වීම කැපී පෙනෙයි. එම ලැයිස්තුවේ අංක 1 පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රිස් ගේල් වන අතර ඔහු ශතක 22 ක් ලබා ගෙන තිබේ.

කලම්බු ස්ට්‍රකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී පැතුම් නිස්සංක හයේ පහරකින් සහ හතරේ පහර 5 ක් ද සහිතව ළකුණු 54 වාර්තා කළේය .

තරගයේ වීරයා – බාබර් අසාම්

ලකුණු පුවරුව

ගෝල් ටයිටෑන්ස්

ලකුණු

පන්දු

4

6

ලසිත් කෲස්පුල්ලේ

 

ප.ලක්ෂාන් සඳකැන්

36

19

4

2

ෂෙවෝන් ඩැනියල්

කඩුල්ල මුවා කළා

ප.රමේෂ් මෙන්ඩිස්

49

31

5

2

භානුක රාජපක්ෂ

 

ප.නසීම් ෂා

30

31

2

0

ටිම් සීෆර්ට්

නොදැවී

 

54

35

4

3

දසුන් ශානක

නොදැවී

 

6

4

1

0

අතිරේක

13

 

එකතුව පන්දුවාර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු

188

කඩුලු වැටීම / 1-87 (කෲස්පුල්ලේ 7.5), 2-91 (ඩැනියල් 8.6), 3-178 (භානුක 18.4),

පන්දු යැවීම

නසීම් ෂා 4-0-36-1

රමේෂ් මෙන්ඩිස් 4-0-33-1

මොහොමඩ් නවාස් 2-0-21-1

මතීෂ පතිරණ 4-0-41-0

චාමික කරුණාරත්න 2-0-20-0

ලක්ෂාන් සඳකැන් 4-0-29-1

කලම්බු ස්ට්‍රයිකර්ස්

පැතුම් නිස්සංක

ඇ.ෂෙවෝන් ඩැනියල්

ප.ටබ්‍රේස් ශම්සි

54

40

5

1

බාබර් අසාම්

ඇ.ශකීබ් අල් හසන්

ප.කසුන් රජිත

104

59

8

5

නුවනිඳු ප්‍රනාන්දු

ඇ.දසුන් ශානක

ප.ටබ්‍රේස් ශම්සි

8

13

0

0

චාමික කරුණාරත්න

නොදැවී

 

2

3

0

0

මොහොමඩ් නවාස්

නොදැවී

 

14

4

1

1

අතිරේක

7

 

එකතුව පන්දුවාර 19.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු

189

කඩුලු වැටීම / 1-111 (නිස්සංක 12.3), 2-166 ( නුවනිඳු 17.4), 3-175 (අසාම් 19.1)

පන්දු යැවීම

කසුන් රජිත 2.5-0-42-1

ශකීබ් අල් හසන් 4-0-30-0

රිචර්ඩ් න්ගරාවා 4-0-40-0

ටබ්‍රේස් ශම්සි 4-0-27-2

දසුන් ශානක 2-0-15-0

අකිල ධනංජය 3-0-35-0

 

{gallery}LPL GT vs CS{/gallery}

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...