The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි - ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

T

The Leader Desk

August 8, 2023 • 4:50 AM

දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි - ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (7) රාත්‍රී පැවැති දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් 'ජැෆ්නා
  • ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හසන් අලී ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
  • සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කළේය.
  • නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ (නොදැවී 9) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් වූ නමුත් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිංග්ස්' පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

දඹුල්ල අවුරා මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද 'දඹුල්ල අවුරා' කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හසන් අලී ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කළේය.

නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ (නොදැවී 9) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් වූ නමුත් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. හසන් අලී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිද්දී, සිය ඕවර 4 ලකුණු 8 කට සීමා කරමින් කඩුල්ලක් බිඳහෙළීමට බිනුර ප්‍රනාන්දු සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. පළමු ඕවරයේදී දඹුල්ල ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය අතර ෂොයිබ් මලික් ලකුණු 13 කට කඩුලු 2 ක්ද, නුවන් තුෂාර ලකුණු 26 කට ලකුණු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දඹුල්ල අවුරා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් පෙරේරා පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම පන්දු 25 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හේඩ්න් කේර් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළේය.


දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 134
(සදීර සමරවික්‍රම 30, කුසල් පෙරේරා 41, හේඩ්න් කේර් නොදැවී 25, ෂොයිබ් මලික් 13/2, නුවන් තුෂාර 26/2)

ජැෆ්නා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 125
(ෂොයිබ් මලික් නොදැවී 74, දුනිත් වෙල්ලාලගේ 16, හසන් අලී 20/3)

image da81afdc86image a9ee6b30eaimage 2db1ad8020image 40c889d487

කලම්බු ස්ට්‍රයිකර්ස් තුන්වැනි ස්ථානයට එයි

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඊයේ (7) දිනයේ පැවැති පළමු තරගයේදී 'කලම්බු ස්ට්‍රයිකර්ස්' ක්‍රීඩකයෝ කඩුලු 7 කින් 'ගෝල් ටයිටන්ස්' පරාජය කිරීමට සමත් වූහ.

ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටි 'කලම්බු පිල' මෙම ජයග්‍රහණයත් සමඟ තුන් වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.

බාබර් අසාම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 104 ක් රැස් කරමින් 'කලම්බු' පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.


සබැඳි පුවත් :
බාබර්ගේ පිත්ත කලම්බු ස්ට්‍රකර්ස්ලට ජය ගෙනෙයි


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දඹුල්ල අවුරා තුන්වැනි ජය ලබයි - ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට | The Leader