The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් : 'කැන්ඩි' කණ්ඩායමට සුපිරි ජයක්

T

The Leader Desk

August 8, 2023 • 4:18 PM

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් : 'කැන්ඩි' කණ්ඩායමට සුපිරි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී - ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර
  • ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.
  • ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.
  • ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය 'ගෝල් ටයිටන්ස්' පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.

එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී - ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.

ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය 'ගෝල් ටයිටන්ස්' පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි.

මේ අතර 'කලම්බු ස්ට්‍රයිකර්ස් 'සහ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතය.



වනිඳුට 20-විස්සයි කඩුලු 200 ක්

Wanindu H
විස්සයි-20 තරග වලදී කඩලු 200 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැන්ඩි බී-ලව් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සුවිශේෂී තරග බැනියමක් තිළිණ කර තිබේ. 'කැන්ඩි බී-ලව්' සහ 'ගෝල් ටයිටන්ස්' අතර අද පැවති තරගයේදී වනිඳු මෙම සුවිශේෂී බැනියමෙන් සැරසී ක්‍රීඩා කළේය.

පසුගිය 05 වැනිදා යාපනය කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී වනිඳු සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවාගත්තේය.

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...