The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මිල්කා ද සිල්වා: ඔලිම්පික් ගමනට සිහින දකින ජිම්නාස්ටික් ශූරිය

T

The Leader Desk

August 12, 2023 • 2:19 AM

මිල්කා ද සිල්වා: ඔලිම්පික් ගමනට සිහින දකින ජිම්නාස්ටික් ශූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනය තමන් නියෝජනය කරනු ලබන ක්‍රීඩාවෙන් සිය උපන් රටට කීර්තියක් අත්කර දීමය.
  • එවන් ඉලක්කයක් වෙනුවෙන් පුරා වසර 04 කට ආසන්න කාලයක් මෙම ක්‍රීඩිකාව සිය උපන් බිමෙන් බැහැරව පුහුණුවීම්වල යෙදී සිටින්නීය.
  • 2003 වසරේ අප්‍රේල් මස 24 වැනිදා උපත ලබන මිල්කා පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේ ය.
  • "උඩ ඉදන් තාත්තීගේ අතට පැනලා ඇතිවුණු පුරුද්ද නිසා ජිම්නාස්ටික් වලට ආස හිතුණා." බීබීසි සිංහල සමග අදහස් දක්වමින් මිල්කා ද සිල්වා පැවසුවේ තමන් පාසැලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



එම ඉලක්කය ළඟා කර ගැනීම වෙනුවෙන් ඔවුහු දින සති මාස ගණන් වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල නිරත වෙති.

එවන් ඉලක්කයක් වෙනුවෙන් පුරා වසර 04 කට ආසන්න කාලයක් මෙම ක්‍රීඩිකාව සිය උපන් බිමෙන් බැහැරව පුහුණුවීම්වල යෙදී සිටින්නීය.

ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

Milka
ඇය මිල්කා ගිහානි දිව්‍යාන්ජලා ද සිල්වා ය.

Milka 1


මිල්කා ද සිල්වා කියන්නේ කවුද?

2003 වසරේ අප්‍රේල් මස 24 වැනිදා උපත ලබන මිල්කා පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේ ය.

සහෝදරයින් දෙදෙනෙකු සිටින මිල්කා පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඇයගේ පියා විදේශ ගතව රැකියාවක නිරතවන අතර මව ගෘහණියක් වේ.

"උඩ ඉදන් තාත්තීගේ අතට පැනලා ඇතිවුණු පුරුද්ද නිසා ජිම්නාස්ටික් වලට ආස හිතුණා."

බීබීසි සිංහල සමග අදහස් දක්වමින් මිල්කා ද සිල්වා පැවසුවේ තමන් පාසැලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වූ බවය.

" මම පාසැල් තුනක අධ්‍යාපනය ලබලා තියෙනවා. මුලින්ම පාසැල් ගියේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලට. ඉන් පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පිළියන්ද මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. ඒ පාසැලේ අධ්‍යාපනය ලබමින් සිටියදී මට අවස්ථාව උදාවුණා, 08 වසරේදී කොළඹ මෙතෝදිස්ත පාසැලට ඇතුළත් වෙන්න."

"මම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් ඉද්දි තමා ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වෙන්න පටන් ගත්තේ. "

"ඒකට හේතුව වුනේ ඉස්කෝලේ පොඩි කාලේ මට මතක විදිහට තිබ්බේ ඇත්ලටික්ස් සහ ජිම්නාස්ටික්ස් විතරයි. ඇත්ලටික්ස් වලට හැමෝම යනවා. ජිම්නාස්ටික්වලට ටිකක් කට්ටිය බයයි. ඒකත් එක්ක මම පොඩි කාලේ අර උඩවල්වල නැගලා තාත්තීගේ අතට පනිනවා. ඒ වගේ දේවල් හින්දා තමයි ආස හිතුනේ." මිල්කා පැවසුවාය.

Milka 2

ජාත්‍යන්තර තරගාවලි නියෝජනය

"මම ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වෙලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරලා ඉන්දියාවේ පැවැත්වුණු පොඩි තරගාවලියකට යන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒක ලොකු තරගාවලියක් නෙමෙයි" මිල්කා සිය පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම සම්බන්ධයෙන් එලෙස අදහස් පළ කළාය.

"හරි පිළිගත් තරගාවලියක් විදිහට මම ලංකාව නියෝජනය කළේ 2016 වසරේදී නැමීබියාවේ දී පැවැත්වුණු කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය ශුරතාවලියට." ඇය පැවසුවාය.

එහිදී තමන් සහභාගී වූ සියලු තරග ඉසව් වලින් අවසන් වටයට තේරුණු ඇය සමස්ත ශුරතාවලියේ දී ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් අතරින් 10 වැනි ස්ථානයට පත්විය.

ඇයගේ එම දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව එම ශුරතාවලියේ ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් සිව්වෙනි ස්ථානය හිමිකර ගනු ලැබීය.

Milka 3


ඉන් පසුව මිල්කා, 2017 සහ 2018 වසරේදී පැවති ආසියානු කනිෂ්ඨ ශුරතාවලියන් ද නියෝජනය කරනු ලැබුවාය.

2018 වසරේදී ආර්ජන්ටිනාවේ පැවති ගිම්හාන යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ද මිල්කා සමත් වන්නේ එහිදී සමස්තයක් වශයෙන් ගත් කළ 28 වැනි ස්ථානය හිමිකර ගනිමින්ය.

ඉන් පසුව ඇය 2019 වසරේදී ජර්මනියේ පැවති ජිම්නාස්ටික් ලෝක ශුරතාවලිය නියෝජනය කළ අතර එහිදී ඇය 114 වැනි ස්ථානය හිමිකර ගත්තාය.

2020 වසරේදී ජපානයේ පැවති ජපාන ජ්‍යෙෂ්ඨ ශුරතාවලිය නියෝජනය කරමින් ඇය සමස්ත තරගාවලියේ 40 වැනි ස්ථානය හිමිකර ගනු ලැබුවාය.

2021 ආසියානු ශුරතාවලිය අවලංගු කිරීම හේතුවෙන්, 2021 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා මිල්කා සුදුසුකම් ලැබුවේ 2019 වසරේ පැවති ලෝක ජිම්නාස්ටික් ශුරතාවලියේ දී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් ය.

එහිදී ඇය ඔලිම්පික් තරගාවලියේ දී ජිම්නාස්ටික් තරග ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්විය.


ජපාන පුහුණුකරුගෙන් ලද පළමු ශිෂ්‍යත්වය

2019 වසරේ දී මිල්කා ද සිල්වාට ජිම්නාස්ටික් පුහුණුවීම් සඳහා ජපානයෙන් ශිෂ්‍යත්වයක් හිමිවිය.

“2018 වසරේදී මම ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ජාතික ශුරිය බවට පත්වුණා. ඒ වගේම 2023 වසරේත් ජාතික ශුරිය බවට පත්වුණා."

"මට 2019 වසරේදී ජපානයේ ශිෂ්‍යත්වයක් හම්බ වුණා. ඒක හම්බ වුනේ ලංකාවට ආපු ජපාන පුහුණුකරුවෙකුගේ මාර්ගයෙන්. ඒ ශිෂ්‍යත්වය පසුගිය ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරනකම් ලැබුණා."

"ඉන් පස්සේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් ඒ ශිෂ්‍යත්වය දීර්ඝ කිරීමක් සිදුවුණේ."

Milka 4

"මෙඩ්ල් එක ඩිසයිඩ් වෙන්නේ අපි ඒ වෙලාවේ කරන පර්ෆෝමන්ස් එකත් එක්ක "

සිය ක්‍රීඩා දිවියේ ඉදිරි බලාපොරොත්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ ලබන මස බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ජිම්නාස්ටික් ලෝක ශුරතාවලියට සහභාගිවීමේ අරමුණින් තමන් පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බවය.

“මේ දිනවල මම වර්ල්ඩ් චැම්පියන්ශිප් එක වෙනුවෙන් පුහුණුවීම් වල යෙදීලා ඉන්නවා හොඳින්. ඒක තමයි ඔලිම්පික් කොලිෆිකේෂන් එක. එකෙන් ඔලිම්පික් සිලෙක්ට් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ."

"ලෝක ශුරතාවලියේ දී අවසන් වටයට එන්න ඕන කියන එක මගේ ටාර්ගට් එක. අඩුම තරමේ එක ඉවෙන්ට් එකක හරි ෆයිනල්ස් යන්නයි මම ට්‍රයි කරන්නේ."

"හේතුව මීට කලින් වර්ල්ඩ් චැම්පියන්ශිප් එකක දී ෆයිනල්ස් ගිහින් නැහැ. ඒ වගේම ඔලිම්පික් සිලෙක්ට් වෙන එකයි මම ටාර්ගට් කරන් ඉන්නේ. ඒ අතරේ දී මෙඩ්ල් එකක් ෆෝකස් කරනවා."

"ඒක අපි ඒ වෙලාවේදී කරන පර්ෆෝමන්ස් එකත් එක්කයි ඩිපෙන්ඩ් වෙන්නේ."

"ඒ වගේම මේ ගමන එන්න මට මගේ පවුලේ අය වගේම, සියලුම පුහුණුකරුවන් ඇතුළුව උදව් කරපු හැමෝම මතක් කරනවා." ඇය පැවසුවාය.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...