The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් වූයේ ඇයි?

T

The Leader Desk

August 14, 2023 • 7:12 PM

සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් වූයේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ
  • ඒ අනුව තරග පාවාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ජාලයක් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
  • ඒ අනුව අදාළ තරගාවලියේදී තරිඳු රත්නායක ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට සචිත්‍ර සේනානායක විසින් "අඩුවෙන් ක්‍රීඩා කිරීම" සඳහා රුපියල් ලක්ෂ 130 බැගින් ලබාදීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද ඔහු පැවසීය.
  • මීට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක පදිංචි ස්ථාන වලින් අතුරුදන්ව ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔහු රටින් පලා ගියහොත් මෙම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශ ගමන් මාස 3 ක කාලයක් සඳහා තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 14 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.

ක්‍රීඩා දූෂණ පරීක්ෂණ කමිටුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.


තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මෙම විමර්ශනය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව තරග පාවාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ජාලයක් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.


0001


ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ ජාලයක් සමග සම්බන්ධ බවට චෝදනා

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ද එම ජාලයට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයින්ට "අඩුවෙන් ක්‍රීඩා කිරීම" සඳහා මුදල් ලබාදීමට යෝජනා කර ඇතැයි කියා සිටියේය.

ඒ අනුව අදාළ තරගාවලියේදී තරිඳු රත්නායක ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට සචිත්‍ර සේනානායක විසින් "අඩුවෙන් ක්‍රීඩා කිරීම" සඳහා රුපියල් ලක්ෂ 130 බැගින් ලබාදීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද ඔහු පැවසීය.

මීට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක පදිංචි ස්ථාන වලින් අතුරුදන්ව ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔහු රටින් පලා ගියහොත් මෙම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි සඳහන් කළේය.

00011

අදාළ ක්‍රීඩකයා මෙම චෝදනාවට වරදකරු වුවහොත් වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් මිලියන 10 ක දඩයක් නියම කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වන බලය අධිකරණය වෙත පැවරී ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් මාස 3ක කාලයක් සඳහා අත්හිටුවමින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

මෙම පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිමල් ප්‍රනාන්දු හා ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරිහූ ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

( BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...