The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බේස්බෝල් : 'ළමයි චීන තරගයට යැව්වේ කුඹුර උකස් කරලා'

T

The Leader Desk

August 18, 2023 • 9:58 AM

බේස්බෝල් : 'ළමයි චීන තරගයට යැව්වේ කුඹුර උකස් කරලා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ.
  • ඒ සඳහා මුදල් සොයා දීමට වැලිඔය ප්‍රදේශවාසීන් සල්පිලක් ද පවත්වා තිබූ අතර කුඹුරු ඉඩම් සහ දේපළ උකස් කිරීමට සිදු වූ බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසුහ.
  • එහා ගෙදර නංගි එයාගේ චේන් එක දුන්නා උකස් කරලා සල්ලි ගන්න.'' යනුවෙන් ආර්.ඩී නිහාල් ගුණරත්න කියා සිටියේය.
  • තවත් දරුවෙකුගේ පියෙකු වන චමින්ද කුමාර මෙලෙස පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඔවුහු බ්‍රහස්පතින්දා (අගෝස්තු 17 ) දිවයිනෙන් පිටත්ව ගියහ.

ඒ සඳහා මුදල් සොයා දීමට වැලිඔය ප්‍රදේශවාසීන් සල්පිලක් ද පවත්වා තිබූ අතර කුඹුරු ඉඩම් සහ දේපළ උකස් කිරීමට සිදු වූ බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසුහ.

''කුඹුරු අක්කරය උකස් කරලා ලක්ෂයක් හොයා ගත්තා. ගෙවල් ළඟ කෙනෙක් එයාගේ බයිසකලය දුන්නා සල්ලි ගන්න. එහා ගෙදර නංගි එයාගේ චේන් එක දුන්නා උකස් කරලා සල්ලි ගන්න.'' යනුවෙන් ආර්.ඩී නිහාල් ගුණරත්න කියා සිටියේය.

තවත් දරුවෙකුගේ පියෙකු වන චමින්ද කුමාර මෙලෙස පැවසුවේය.

''අපේ ළමයි ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලිය දිනලා ආවොත් ආයේ තරගවලට යවන්න සල්ලි නැහැ. තියෙන සේරම උකස් කරලා, විකුණලා ඉවරයි.''
පුහුණුවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වුව ද වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවෝ බේස්බෝල් තරග වලට ඉදිරිපත් වී සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා තිබේ.



(BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...