The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගන්නා බවට සහතිකයක් !

T

The Leader Desk

August 20, 2023 • 7:10 PM

ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගන්නා බවට සහතිකයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA ) විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ඉතා ඉක්මනින්ම හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්
  • ඔහු එබව කියා සිටියේ, මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුවය.
  • ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ, පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීම සිදු කළේ ඊයේ (19) දිනයේ දීය.
  • මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර්ගේ ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවධරණය කර සිටියි.

පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සියළුදෙනාම එකතුවී සිය උපරිමයෙන්ම කටයුතු කරන බවත් ජස්වර් උමාර් පවසයි.

ඔහු එබව කියා සිටියේ, මෙවර පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුවය.

ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ, පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර දීම සිදු කළේ ඊයේ (19) දිනයේ දීය.

මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර්ගේ ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බව වාර්තා වේ.

මෙම නිලවරණයට අනුරාධපුර ලීගයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත.

xzdfgstr
ජස්වර් උමාර් ඇතුලු ඒකාබද්ධ කණ්ඩායම කියා සිටියේ, මෙම සමගිවීම තුල හා ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ මාර්ග සිතියමට අනුව නිලවරණය පැවැත්වීම තුල ඉතා ඉක්මනින්ම පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.



නාම යෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස 01වෙනිදා සිට 03වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4වැනි දා සිදු කෙරේ.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...