The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පියා මිය ගොස් සිටියදී ලොව ජයගත් දිරිය දියණිය

T

The Leader Desk

August 21, 2023 • 10:48 AM

පියා මිය ගොස් සිටියදී ලොව ජයගත් දිරිය දියණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිඩ්නි හි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ඊයේ (20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුවේය.
  • එයට හේතු වී ඇත්තේ ලෝක කුසලානය ජයග්‍රහණය කර මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීමයි.
  • '' තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා ප්‍රකාශයක් නිකුත් කරමින් තම පියාට ගෞරව දැක්වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට එම කණ්ඩායමේ ක්‍රීඩිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා සමත් විය. ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායිකාව ද වේ.

190731 tan2023 08 2015462425 0 s
ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ලැබී නැත. එයට හේතු වී ඇත්තේ ලෝක කුසලානය ජයග්‍රහණය කර මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීමයි.

දිගු කාලීන රෝගී තත්ත්වයක් සමඟ සටන් වදිමින් සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගියත් ඇයගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නිමවන තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දීම සිදු නොකළ යුතු බව තීරණය කිරීම හේතුවෙන් ඇයට මෙම අසුබ පුවත දැනුම් නොදුන් බවත් අවසන් තරඟය නිම වූ වහාම ඇයට මෙම අසුබ පුවත දැනුම්දීමට ක්‍රියා කළ බවත් ස්පාඤ්ඤ පාපන්දු සංගමය පවසා ඇත.

'' තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා ප්‍රකාශයක් නිකුත් කරමින් තම පියාට ගෞරව දැක්වූවාය. ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කලා. ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ. ''

.


(lankadeepa.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...