ඉකුත්දා අවසන් වූ ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ වනිඳු හසරංග එහි දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ආසියානු කුසලාන තරග සහභාගීත්වය අහිමිවීමට එම ආබාධය හේතුවී ඇත.
එම ආබාධය මධ්‍යයේ වුව ඔහු පන්දුවට පහරදීමත් පන්දු යැවීමත් සිදුකළ නමුත්, අනතුරුව සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂාවකදී, 2බී කාණ්ඩයේ මස්පිඩු ආබාධයකට ලක්ව ඇති බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වයෙන් සුවය ලැබීමට ඔහුට සති තුනක් හෝ හතරක් අතර කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශය දැනුම් දී ඇතැයි සැලවේ. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුගේ සහභාගීත්වය ලබාගැනීමේ අරමුණින් යුතුව මෙම ආසියානු කුසලාන වෙනුවෙන් වන තේරීම් සඳහා ඔහුව යොදා නොගැනීමට තීරණය වී තිබේ.
ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේදී වනිදු වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත යෙදවීමේ වැඩි අවස්ථාවක් ඇත.
උරහිසේ ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර ද ආසියානු කුසලානෙන් ඉවත් වනු ඇති නමුත් ඔහුද ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ බලාපොරොත්තු සහිතව සිටින බව වාර්තා වේ. ආසියානු කුසලානේදී දුෂ්මන්තගේ ස්ථානය කසුන් රාජිතට හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
(aruna.lk)
වනිඳුට හා චමීරට ආසියානු කුසලාන වරම් අහිමිවේ !
T
The Leader Desk
August 23, 2023 • 6:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවට සිය දඟ පන්දු බලඇණියේ අංක එකේ ක්‍රීඩකයා වන වනිඳු හසරංග මෙන්ම වේගපන්දු බලඇණියේ ඉදිරියෙන්ම සිටින දුශ්මන්ත චමීර යන දෙදෙනාම රහිතව ආසියානු කුසලානට මුහුණදීමට සිදුවනු ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.
- එම ආබාධය මධ්‍යයේ වුව ඔහු පන්දුවට පහරදීමත් පන්දු යැවීමත් සිදුකළ නමුත්, අනතුරුව සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂාවකදී, 2බී කාණ්ඩයේ මස්පිඩු ආබාධයකට ලක්ව ඇති බව පෙනී ගොස් ඇත.
- මෙම තත්ත්වයෙන් සුවය ලැබීමට ඔහුට සති තුනක් හෝ හතරක් අතර කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශය දැනුම් දී ඇතැයි සැලවේ.
- ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුගේ සහභාගීත්වය ලබාගැනීමේ අරමුණින් යුතුව මෙම ආසියානු කුසලාන වෙනුවෙන් වන තේරීම් සඳහා ඔහුව යොදා නොගැනීමට තීරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



