The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් යළි වැඩ අරඹයි

T

The Leader Desk

August 25, 2023 • 8:55 PM

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් යළි වැඩ අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 අගෝස්තු 09 වන දා 'ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස්' සංගමයේ කටයුතු
  • එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අදාළ අතුරු තහනම් නියෝගය 2023 අගෝස්තු 22 වනදා නිකුත් කළ බවයි.
  • ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාර ව පත් කර තිබූ අතුරු කමිටුව නීත්‍යානුකූල නොවන බව ඔහු පවසයි.
  • එම නියෝගයත් සමඟම ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයේ කවුන්සිලය නැවතත් බලාත්මක වේ යනුවෙන් ද ඔහු සිය නිවේදනයෙන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වළක්වාලමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ව අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් ඉදිරිපත් කර තිබේ.

එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අදාළ අතුරු තහනම් නියෝගය 2023 අගෝස්තු 22 වනදා නිකුත් කළ බවයි.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාර ව පත් කර තිබූ අතුරු කමිටුව නීත්‍යානුකූල නොවන බව ඔහු පවසයි.

එම නියෝගයත් සමඟම ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් සංගමයේ කවුන්සිලය නැවතත් බලාත්මක වේ යනුවෙන් ද ඔහු සිය නිවේදනයෙන් පවසයි.

මේ පිළිබඳ එම සංගමයේ ලේකම් ශෙහාන් ද තිසේරාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ, මෙම ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සඳහා ඇති මව් සංගමය වන බවයි.

එසේම, ක්‍රීඩා සංගමය විසුරුවීමට හේතුව ක්‍රීඩා ඇමතිවරයාගෙන් මෙතෙක් ලිඛිත ව තමා වෙත ලැබී නැති බව ද ඔහු පැවසීය.

ඊට අදාළ හේතු විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ ද ඊට පිළිතුරක් නොලැබීම හේතුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සති දෙකකට අදාළ ගැසට් නිවේදනය සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා ගත් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එසේම අදාළ ගැසට් පත්‍රය මඟින් ක්‍රීඩා සංගමය විසුරුවා දැමීම පිළිබඳ නඩුවක් ගොනු කර ඇති බවත් අතුරු තහනම් නියෝගය බලාත්මක සති දෙකක කාලය ඇතුළත නඩුව විභාගයට ගනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අගෝස්තු 09 වෙනිදා නිකුත්කළ ගැසට් නිවේදනය පහත පළවේ,

ererwe




(adaderana.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...