The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හාදුවක් නිසා ලෝක ශූර ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පාපන්දුව අත්හරී !

T

The Leader Desk

August 26, 2023 • 11:46 AM

හාදුවක් නිසා ලෝක ශූර ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පාපන්දුව අත්හරී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤ කණ්ඩායම යළි පාපන්දු ක්‍රීඩා නොකරන බවට තීරණයකට එළඹ තිබෙනවා.
  • ඉකුත් දින කිහිපයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවූ අතර එය තවත් උණුසුම්වීමට හේතුවී ඇත්තේ අදාළ සිද්ධිය පාදක කර ගෙන තමා ධුරයෙන් ඉල්ලා අස් නොවන බවට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගයි.
  • මෙම සිද්ධියට මුහුණ පෑ පාපන්දු ක්‍රීඩිකා ජෙනී එමෝසෝ පවසන්නේ තමා සිප ගැනීමට එකඟ නොවූ බවයි.
  • එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරන තුරු යළි පාපන්දු ක්‍රීඩා නොකරන බව ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සිද්ධියට හේතුවී ඇත්තේ ස්පාඤ්ඤ කණ්ඩායම පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු පැවති උත්සවයේදි එරට පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩිකාවකගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධියයි.

ඉකුත් දින කිහිපයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවූ අතර එය තවත් උණුසුම්වීමට හේතුවී ඇත්තේ අදාළ සිද්ධිය පාදක කර ගෙන තමා ධුරයෙන් ඉල්ලා අස් නොවන බවට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගයි.

230821 hermoso rubiales mb 1220 430fbb

මෙම සිද්ධියට මුහුණ පෑ පාපන්දු ක්‍රීඩිකා ජෙනී එමෝසෝ පවසන්නේ තමා සිප ගැනීමට එකඟ නොවූ බවයි.

එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරන තුරු යළි පාපන්දු ක්‍රීඩා නොකරන බව ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.

20230821 160907

ඊට අදාළ ලිපියකට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 23 දෙනාම අත්සන් තබා ඇතැයි සදහන්.

මෙම තීරණය සමග තවත් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් 81 දෙනෙකු එක්ව සිටීමද විශේෂත්වයක්.

ඉකුත්දා පැවති කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදි එංගලන්තය පරාජය කරමින් ස්පාඤ්ඤය ජය වාර්තා කළා.

අනතුරුව එරට පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ජයග්‍රාහී ක්‍රීඩිකාවන් වැළද ගනිමින් සුබ පැතූ අතර ජෙනී එමෝසෝගේ දෙතොල් සිප ගත්තා.

https prod.static9.net.au fs 8e0b2fda d51b 432e 80cc 44689262b106

සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් පවසන්නේ ජයග්‍රහණයත් සමග ඇති වූ ප්‍රීතිය හේතුවෙන් තමා මෙලෙස සිප ගත් බවයි.

එවැනි සිද්ධියක් තමා ධුරයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරනවා.

එබැවින් තමා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් අවධාරණය කර ඇත්තේ.

ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය සැප්තැම්බර් 22 වනදා ස්වීඩනයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

i

(nethnews.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...