The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට : ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා ඔබ දන්නව ද ?

T

The Leader Desk

August 29, 2023 • 4:53 AM

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට : ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා ඔබ දන්නව ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.
  • පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.
  • සෙසු කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත නම්කර ඇති අතර ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම් කර නොමැති බව වාර්තා වේ.
  • යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය 36 කටත් අඩු කාලයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලිය සඳහා "ඒ" කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව "බී" කාණ්ඩය යටතේ සහභාගී වේ.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතය.

පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

සෙසු කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත නම්කර ඇති අතර ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම් කර නොමැති බව වාර්තා වේ.

ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා !

46ea41d0 457d 11ee 84db 19dbf7ad2f6c

මීළඟ ආසියානු ක්‍රිකට් ශුරයින් කවුද? ශ්‍රී ලංකාවට තවදුරටත් එම කිරුළ තමන් සතු කර ගැනීමට හැකි වෙයිද? යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය 36 කටත් අඩු කාලයකි.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 6ක් තරග වදින අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථාන, බංගලාදේශ, ඇෆ්ගනිස්ථාන සහ නේපාල කණ්ඩායම් ඊට අයත් ය.

16 වැනි වරට පවත්වනු ලබන ආසියානු කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට හිමිව තිබේ.

පාකිස්ථානයේ දී පැවැත්වෙන තරග සඳහා සහභාගී වීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමට අවස්ථාව උදාවිය.

ආසියානු කුසලානයේ ඉතිහාසය

ආසියානු රටවල හොඳ හිත වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් 1983 වසරේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය පිහිටවනු ලැබිය.

එම කවුන්සිලයේ යෝජනාවක් අනුව පළමු වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් 1984 වසරේදී පැවැත්වීමට තීරණය කෙරුණි.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

මංගල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය ක්‍රීඩා කරනු ලැබීය.

එහිදී අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් පළමු ආසියානු කුසලාන ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය.

ca2b9cf0 45bf 11ee 9b58 cb80889117a8විරසකයන් නිසා ආසියානු කුසලානයට ඇතිවූ බාධා

1986 වසරේ දී පැවති දෙවන ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවුයේ ශ්‍රී ලංකාවට ය.

එසේ වුවද ශ්‍රී ලංකාවේ එවකට පැවති යුදමය තත්ත්වය හේතුවෙන් සිය කණ්ඩායමේ ආරක්ෂාව ගැන සිතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දියාව දැනුම් දෙන ලදී.

fcb8f040 45c0 11ee 9b58 cb80889117a8
මේ අතර 1985 වසරේදී පැවති ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දී ඇතිවූ යම් යම් සිදුවීම් හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට එක්වීමට අකමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුණි.

ඉන්දියාව තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් පළමුවරට ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය.

එම තරගාවලියේ අවසන් මහ තරගයෙන් පාකිස්ථානය පරාජය කරමින් පළමු වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මේ අතර 1991 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට පාකිස්ථානය තීරණය කරනු ලැබිය. ඒ ඉන්දියාව සමග ඇති රාජ්‍යතාන්ත්‍රික ගැටළු හේතුවෙනි.

මේ අතර 1993 වසරේ දී ආසියානු කුසලාන තරගාවලිය අවලංගු කිරීමට ද සිදුවිය. ඒ ඉන්දු - පාකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික ගැටළු උත්සන්න වීම හේතුවෙනි.

1b221580 45c0 11ee 9b58 cb80889117a8
වැඩිම වාරයක් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම කුමක් ද ?

ආසියානු කුසලානයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි 15න් අවස්ථා 7 ක කුසලානය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත. ශ්‍රී ලංකාව අවස්ථා 06කදි සහ පාකිස්ථානය අවස්ථා දෙකකදී ආසියානු කුසලානයේ ජයග්‍රාහකයින් බවට පත්ව ඇත.

වැඩිම අවස්ථා ගණනාවකදී ආසියානු කුසලාන තරගාවලියේ අනුශුරයින් බවට පත්වු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.

අවස්ථා 06 කදී ශ්‍රී ලංකාව අනුශුරයින් බවට පත්ව ඇත.

637c6c40 45c0 11ee 9b58 cb80889117a8

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාවන්

ආසියානු කුසලානයේ වැඩිම ශතක ලාහියා සනත් ජයසුරිය වන අතර ඔහු රැස්කොට ඇති ශතක සංඛ්‍යාව 06 කි. ඔහුගෙන් පසුව වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාර වේ. සංගක්කාර රැස් කර ඇති ශතක සංඛ්‍යාව 04කි.

වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාරය. ඔහු අවස්ථා 12 කදී අර්ධ ශතකයක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබේ.

වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් පන්දු රකින්නා මහේල ජයවර්ධන වන අතර තරග 28 කදී ඔහු රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 15කි.

9fa82ba0 45c0 11ee 9b58 cb80889117a8

(උපුටා ගැනීම් BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
ආසියානු කුසලානයට තව පැය 48යි - ශ්‍රී ලංකා සංචිතය ප්‍රමාද ඇයි?



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට : ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා ඔබ දන්නව ද ? | The Leader