The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පදක්කම් තුනක් දිනා දුන් කායවර්ධන ශිල්පිනිය

T

The Leader Desk

August 29, 2023 • 9:50 AM

ශ්‍රී ලංකාවට පදක්කම් තුනක් දිනා දුන් කායවර්ධන ශිල්පිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට වෙහෙසෙන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.
  • 1991 වර්ෂයේ මැයි මස 27 වැනිදා රාගම ප්‍රදේශයේ දී ඇය උපත ලබන ජයරුක්ෂිට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටියි.
  • ඔහු ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනවා.
  • සිය පාසැල් දිවිය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ තමන් වැලපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු බවත් උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවේ වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එවන් දස්කමකින් මෑතකදී ලක්මවට අභිමානයක් ගෙන දුන් තවත් එක් ක්‍රීඩිකාවක් වන්නේ කායවර්ධන ශිල්පිනයක් වන ජයරුක්ෂි සමන්කුලය.

සිය ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයකට යොමු වූ ඇය කෙටි කලක් තුළදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වන්නීය.

ඒ, සිංගප්පුරුවේ පැවති ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියට තරග වදිමින්ය.

ලක්මව පදක්කම් වලින් සැරසු ඇය කවුද?

1991 වර්ෂයේ මැයි මස 27 වැනිදා රාගම ප්‍රදේශයේ දී ඇය උපත ලබන ජයරුක්ෂිට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටියි.

"මගේ නම ටිකක් දිගයි.. ඒ නිසා මම භාවිත කරන්නේ ජයරුක්ෂි සමන්කුල කියන කෙටි නම."

මම විවාහකයි.මගේ ස්වාමිපුරුෂයා සේවය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. ඔහු ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනවා. ඒ නිසා මමත් ජීවත් වන්නේ ඩුබායි වල." ඇය බීබීසී සිංහල වෙත පැවසුවාය.

සිය පාසැල් දිවිය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ තමන් වැලපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු බවත් උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවේ වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් බවත්ය.

Screenshot 2023 08 29 at 15.05.29

මම බොඩි බිල්ඩින් කළේ මාස 4යි

තමන් කායවර්ධන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසියේ අහම්බෙන් බව ජයරුක්ෂි සමන්කුල පැවසුවාය.

"මම සැරින් සැරේ කොහොමත් ජිම් එකට ගියා. මුලින්ම ගියේ කඩවත ප්‍රදේශයේ ජිම් එකකට. ඒක සාමාන්‍යයෙන් කරපු දෙයක්."

"එතැනදී මගේ මුල්ම පුහුණුකරු වුනේ කඩවත ජිම් එකේ සිටිය ඉන්දික ධනංසුරියයි."

"මම ඩුබායිවල තියෙන ජිම් එකට ගියේ ඇත්තටම මගේ ඇගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කර ගන්න උවමනා වුණ නිසා. "

"මගේ බර කිලෝග්‍රෑම් 69ක් වෙනකම් වැඩි වුණ නිසා මට අවශ්‍ය වුනා ඇගේ බර අඩු කර ගන්න. එහිදී තමයි මට කෝච් හර්ෂ ඩි. පිරිස් මුණ ගැහුණේ."

"එහිදී මම සෙල්ලම් කරන විදිහ, ටෙක්නික් යූස් කරන විදිහ, මගේ ස්ට්‍රෙන්ත් එක ඔක්කොම බලලා කෝච් කිව්වා නිකම් ඉදලා හරියන්නේ නැහැ මොකක් හරි වැඩක් ගන්න ඕනෑ කියලා."

"ඊට පස්සේ කෝච් කිව්වා මෙහෙම 'තරගාවලියක් තියෙනවා. ඒකට තරග කරමු කියලා' ඒ අනුවයි මම තරගයට ඉදිරිපත් වෙන්න සුදානම් වුනේ. ඇත්තම කිව්වොත් මාස හතරයි මම බොඩි බිල්ඩින් කළේ."

"මට මේ ගමන එන්න මගේ පවුලේ අයගෙන් වගේම හස්බන්ඩ් ගෙන් ලොකු ශක්තියක් ලැබුණා. කොටින්ම කියනවනම් මම බැහැයි කියල අත්හරින්න යන හැම වෙලාවෙම එයාලා තමයි කිව්වේ නැහැ ඔයාට පුළුවන් කියලා. ඒ වගේම ලංකාවට ආවම මගේ කෑම ටික නියම විදිහට හදලා දෙන්නේ මගේ තාත්ති. ඒ වගේ සපෝර්ට් එකක් ලැබුණා." ඇය සඳහන් කළේ ය.

Screenshot 2023 08 29 at 15.09.57

දිනු පදක්කම් මොනවාද ?

සිංගප්පුරුවේ පැවති ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියේ දී ඇය 'ලයිෆ් ස්ටයිල් මොඩල්' සහ 'ස්පෝර්ට්ස් මොඩ්ල්' යන අංශ දෙක නියෝජනය කරමින් ඉසව් තුනකට තරග කළාය.එම ඉසව් තුනෙන්ම ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරිමට ඇය සමත් වුවාය.

"මම ඩුබායි වල ජීවත් වුනත් මේ තරගාවලිය නියෝජනය කළේ ශ්‍රී ලංකාව යටතේ. මේ තරගාවලියට චීනය ඇතුළු රටවල් රැසකින් තරගකාරියන් 35ක් වගේ ඉදිරිපත් වෙලා හිටියා." ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අනාගත බලාපොරොත්තුව

සිය අනාගත බලාපොරොත්තු ගැන අදහස් දක්වමින් ජයරුක්ෂි සමන්කුල පැවසුවේ තමන් කෙදිනක හෝ ඔලිම්පියා කායවර්ධන තරගාවලියක් නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

එමෙන්ම පෞද්ගලික කායවර්ධන උපදේශකවරියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවක් ඇති බවත් ඩුබායි වැනි රටක එවැනි වෘත්තියක් කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබා ගැනීම සඳහා වෙහෙස වී කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...