The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T

The Leader Desk

August 29, 2023 • 4:46 PM

ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී,
  • ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත්තේ ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිවය.
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත.
  • මීට අමතරව පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා,චරිත් අසලංක, ධනංජය සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට නම් කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි ශ්‍රී ලංකා සංචිය අද (අගෝස්තු 29 වැනිදා) සවස නම් කෙරිණි.

ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත්තේ ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිවය.

slc tw

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

මීට අමතරව පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා,චරිත් අසලංක, ධනංජය සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට නම් කොට ඇත.

Ballers

මහිෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතිෂ පතිරණ, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත සහ ප්‍රමෝද් මධුෂාන් පන්දු යවන්නන් ලෙස සංචිතයට එක් කර ඇත.

උණ රෝගයෙන් පෙලෙන කුසල් ජනිත් පෙරේරා මේ වන විට සුවය ලබමින් සිටින බවත් ඉදිරියේදී ඔහු කණ්ඩායම සමග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.


ආබාධයන්ට ලක්වූ පන්දු යවන්නන් කවුද?

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වනිදු හසරංග, වේග පන්දු ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට නම් කර නොමැත.


සමාජ මාධ්‍ය උණුසුම් කළ මාතෘකාව

ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය, අද සවස් වනතුරුම ප්‍රකාශයට පත් නොකිරීම සමාජ මාධ්‍ය තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණි.

විශේෂයෙන් ෆේස්බුක් සහ X (පෙර ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මෙන්ම ඉන්දීය ක්‍රීඩා ලෝලින් මේ සම්බන්ධයෙන් විමසා තිබුණි.

dfgswert


ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුයේ ඇයි?

ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බව, එම ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු බීබීසි සිංහල වෙත (අගෝස්තු 28 වැනිදා) තහවුරු කළේ ය.

ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය සිදුකළ විමසීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ, ආසියානු කුසලානය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකොට ඇති බවත්, එම අනුමැතිය ලද වහාම නිල නිවේදනය නිකුත් කරනු ලබන බවත් ය.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීම ප්‍රමාද වීමට මූලික හේතුව වුයේ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීම බවද මේ අතර වාර්තා විය.

පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග, වේග පන්දු ක්‍රීඩකයින්වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ආබාධයන්ට ලක්විය.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කිරීමට සිටි ක්‍රීඩකයින් වේ.

එසේම වමත් වේග පන්දු ක්‍රීඩක දිල්ශාන් මධුෂංක ද ආබාධයකට ලක්ව ඇති අතර, ආසියානු කුසලානය සහ ලෝක කුසලාන තරගාවලි දෙක ආරම්භවීමට ආසන්නව තිබියදී ක්‍රීඩකයින් මෙලෙස ආබාධයන්ට ගොදුරුවීම ශ්‍රී ලංකා පිළට ප්‍රබල ගැටලුවක් වී තිබේ.



ක්‍රීඩකයින් ආබාධයන්ට ගොදුරුවූයේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා බීබීසි සිංහල සේවයට පැවසුවේ, දැනට ආබාධවලට ලක්ව සිටින වේග පන්දු ක්‍රීඩකයින් තිදෙනාට මෙවර ආසියානු කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇති බව ය.

දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගගේ පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධය සුව අතට හැරීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"වනිඳුට සම්පූර්ණ සුව වෙන්න සති තුනක කාලයක් ගතවෙයි. ඔහුට ආසියානු කුසලානයේ අවසන් භාගය වෙද්දී ක්‍රීඩා කරන්න පුළුවන් ද කියලා බලන්න වෙන්නේ ෆිට්නස් ටෙස්ට් එකක් සිදුකරලා බලලයි. නමුත් වර්ල්ඩ්කප් එක ළඟ තියාගෙන එහෙම රිස්ක් එකක් ගන්න සූදානම් නැහැ," මහාචාර්යවරයා පැවසීය.

මේ අතර, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ ආකාරයෙන් ආබාධයන්ට ලක්වීමට හේතුව වූයේ ළඟ ළඟ ක්‍රීඩා තරග වැඩි වශයෙන් ක්‍රීඩා කිරීම නිසාදැ යි අපි මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විමසීමු.

එය ද හේතුවක් වන්නට ඇති බව මහාචාර්යවරයා පැවසුවේ ය.

"මට හිතෙන්නේ ඒක වෙන්න ඕන. අපි ඇනලයිසිස් කරලා තියෙන්නේ බොහෝ දුරට ඒක වෙන්න ඕන. මොකද අපි LPL ක්‍රීඩා කළා මේ ළඟ දි, ඒක නිසා වෙන්න ඕන. මොකද වෙන හේතුවක් නැහැ."

"කට්ටියගේ ෆිට්නස් ලෙවල් එකත් තිබුණට වඩා දැන් හොඳ යි. අපිට ඒක තව උඩට ගන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් වැඩිපුර ගහපු නිසා තමයි මේක වෙන්න ඇත්තේ. මොකද එක ළඟ මැචස් තිබුණ නිසා තමයි ඉන්ජරිස් වැඩි," මහාචාර්යවරයා පැවසීය.

(උපුටා ගැනීම -BBC සිංහල සේවය)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...