ඒ, නේපාලයට එරෙහිවයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ඕවර 23.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි.
නේපාල කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.
සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ශදාබ් ඛාන් ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හාරිස් රවුෆ් ලකුණු 16 කට කඩුලු 2 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 342 ක් ලබාගත් අතර බාබර් අසාම් (151) සහ ඉෆ්තිකර් අහමඩ් (නොදැවී 109) ශතක ලබාගනිමින් පාකිස්තාන ඉනිම සවිමත් කළහ. පන්දු 131 කදී වාර්තා වූ බාබර්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත වූ අතර පන්දු 71 කට මුහුණදුන් ඉෆ්තිකර් හයේ පහර 4 කින් සහ හයේ පහර 11 කින් ඉනිම සැරසුවේය.
ලකුණු 25 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව මොහොමඩ් රිස්වාන් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර්, ඉන් නොනැවතී ඉෆ්තිකර් අහමඩ් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 214 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 342
(බාබර් අසාම් 151, මොහොමඩ් රිස්වාන් 44, ඉෆ්තිකර් අහමඩ් නොදැවී 109, සෝම්පාල් කාමි 85/2)
නේපාලය - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 104
(අරිෆ් ෂෙයිඛ් 26, සෝම්පාල් කාමි 28, ශදාබ් ඛාන් 27/4, හාරිස් රවුෆ් 16/2, ශහීන් අෆ්රිඩි 27/2)
(kelimandala.lk)
පාකිස්තානය දැවැන්ත ජයකින් ආසියානු කුසලාන සටන අරඹයි
T
The Leader Desk
August 31, 2023 • 4:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් සත්කාරක පාකිස්තානය ඊයේ (30) රාත්‍රියේ ලකුණු 238 ක සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



