The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නව ලෝක වාර්තාවක් ද සමගින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ජයග්‍රාහී ඇරඹුමක

T

The Leader Desk

August 31, 2023 • 5:01 PM

නව ලෝක වාර්තාවක් ද සමගින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ජයග්‍රාහී ඇරඹුමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්දින ජාත්‍යන්තර තරගයකදී අඛණ්ඩව 11 වැනි වරට ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගනිමින්
  • ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (31) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
  • ඒ් අනුව පන්දු වාර 42 යි පන්දු 4 දී සියළු දෙනාම දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164 ක් ලබා ගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ පතිරණ පන්දුවාර 7 පන්දු 4ක් යවා ළකුණු 32කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
  • බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කළ නජ්මුල් ෂැන්ටෝ පන්දු 122කදී ලකුණු 89ක් ලබාගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

නව ලෝක වාර්තාවක් ද තබමින් ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරග කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (31) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් තීරණය කළේය.

ඒ් අනුව පන්දු වාර 42 යි පන්දු 4 දී සියළු දෙනාම දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164 ක් ලබා ගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ පතිරණ පන්දුවාර 7 පන්දු 4ක් යවා ළකුණු 32කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කළ නජ්මුල් ෂැන්ටෝ පන්දු 122කදී ලකුණු 89ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දි මහීෂ පතිරණ 04, දසුන් ශානක 01, මහීෂ් තීක්ෂණ 02 , ධනංනජය ද සිල්වා 01 , දුනිත් වෙල්ලාලගේ 01 බැගින් බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු බිඳ දැමීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165 ක ඉලක්කයක් හිමි වූ අතර පිළිතුරු ඉණිම ආරම්භ කරමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පැතුම් නිශ්ශංක ළකුණු 14කටත් දිමුත් කරුණුරත්න එක් ළකුණකටත් සීමා කරන්න බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වුවද පන්දුවාර 39ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකුරුවන් සමත් විය. චරිත් අසලංක ළකුණු 62ක් ද සදීර සමරවික්‍රම ළකුණු 54ක්ද ලබාගත් අතර නායක දසුන් ශානක ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙය වමින් ළකුණු 14ක් ද ලබා ගැනීමට සමත් විය.

{gallery}Asia Cup 2023{/gallery}

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...