The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දු-පකිස්ථාන තරඟය : අවම ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට සිදුවුයේ ඇයි?

T

The Leader Desk

September 2, 2023 • 8:59 AM

 ඉන්දු-පකිස්ථාන තරඟය : අවම ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට සිදුවුයේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි උණුසුම් ම එක්දින තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත හෙලීමට තරගාවලියේ
  • පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත (අගෝස්තු 31 වැනිදා) දැනුම් දුන් බව එහි නිලධාරියෙකු බීබීසි සිංහල වෙත සඳහන් කළේය.
  • අධික ටිකට් මිල ගණන් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගය සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියම කර ඇති ප්‍රවේශපත්‍ර ගාස්තු මිල අධික බවට පසුගිය දින කීපය පුරා සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය විය.
  • ක්‍රීඩා පිටියේ තණකොළ සහිත විවෘත ප්‍රේක්ෂක භුමියේ සිට තරගය නැරඹීම සඳහා වු ප්‍රවේශ පත්‍රයක ගාස්තුව පමණක් රුපියල් 9,600ක් ලෙස නියම කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබිය.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත (අගෝස්තු 31 වැනිදා) දැනුම් දුන් බව එහි නිලධාරියෙකු බීබීසි සිංහල වෙත සඳහන් කළේය.


අධික ටිකට් මිල ගණන්


වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගය සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියම කර ඇති ප්‍රවේශපත්‍ර ගාස්තු මිල අධික බවට පසුගිය දින කීපය පුරා සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය විය.
Akmal 2023.091


ක්‍රීඩා පිටියේ තණකොළ සහිත විවෘත ප්‍රේක්ෂක භුමියේ සිට තරගය නැරඹීම සඳහා වු ප්‍රවේශ පත්‍රයක ගාස්තුව පමණක් රුපියල් 9,600ක් ලෙස නියම කර තිබුණි.


adec18c0 48d1 11ee 9b58 cb80889117a8


මෙතෙක් අලෙවි නොවූ ප්‍රවේශ පත් සංඛ්‍යාව


අද (සැප්තැම්බර් මස 02 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගයේ මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් ප්‍රවේශ පත් 11,754කට අධික සංඛ්‍යාවක් (අද සවස 4.50 වන විට) විකිණී නොමැති බව ප්‍රවේශ පත් අලෙවි කෙරෙන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙබ් අඩවියේ සඳහන් විය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 35,000කි.

 

02258c80 48c0 11ee 9b58 cb80889117a8

කෙසේවෙතත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තෘණභුමිය ආශ්‍රිත ප්‍රේක්ෂකාගාර කොටසේ පමණක් ප්‍රවේශ පත් 10375ක් පමණ තවමත් ඉතිරිව ඇතැයි, එම වෙබ් අඩවිය (ඊයේ සවස 4.50 වන විට ) අනාවරණය කර තිබුණි.

මේ අනුව තෘණභුමිය ආශ්‍රිත තරග නැරඹීමේ ප්‍රේක්ෂකාගාර කොටසේ තරග ප්‍රවේශ පතක් මිට පෙර රුපියල් 9,600ක් ලෙස සටහන් කර තිබු අතර එය රුපියල් 1,500ක් දක්වා පහත හෙලීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

 

ආසියානු කුසලානය 2023 : 'ටිකට් එක 1500ට නෙමෙයි තවත් අඩු කරන්න ඕනා'



ක්‍රීඩා ලෝලීන් කියන්නේ කුමක්ද ?



ප්‍රවේශ පත්‍රවල මිල ගණන් අඩු කිරීමෙන් පසුව ඒවා මිලදී ගැනීමට පල්ලේකැලේ ක්‍රීඩාංගණය අසල ප්‍රවේශපත් අලෙවි කරන ස්ථානයකට ඊයේ (සැප්තැම්බර් 1 වැනිදා) පෙරවරු 8 සිට ප්‍රේක්ෂකයින් පැමිණ සිටි බව බීබීසි සිංහල වාර්තාකරු ෂර්ලි උපුල් කුමාර සඳහන් කළේය.

ඒ අනුව පෙරවරු 11.00 ට පමණ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. ප්‍රවේශ පත් මිලදී ගැනීමට මහනුවර සිට එහි පැමිණි සිටි ක්‍රීඩා ලෝලියෙකු වූ රිද්ම මීගහගෙදර බීබීසි සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ කලාතුරකින් බැවින් තමන් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පැමිණි බවය.

එමෙන්ම ප්‍රවේශ පත්වල මිල ගණන් අඩුකොට තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුති වන්ත වන බවද ඔහු පැවසීය.

මෙම තරගයේදී තමන් ඉන්දීය කණ්ඩායමට සහය පළකරන අතරම පකිස්ථාන කණ්ඩායමට සුබ පතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පොල්ගොල්ල ප්‍රදේශයේ සිට ප්‍රවේශපත් මිලදී ගැනීමට පැමිණ සිටි තවත් ප්‍රේක්ෂකයෙකු වූ දුමිදු අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තරගයේදී තමන් පකිස්ථාන කණ්ඩායමට සහය පළකරන බවය.

"ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී වැඩි සහයක් දෙන්නේ පකිස්ථානය නිසා මම ඔවුන්ට සහය පලකරනවා. ඒ වගේම මේ ප්‍රවේශ පත්වල මිල ගණන් තවත් අඩු කළා නම් හොඳයි කියලා හිතෙනවා. මම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයත් නරඹන්න ගියා. හැබැයි ගොඩක් සෙනඟ හිටියේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මැච් එකක් ගහද්දි මෙහෙම නෙමෙයි. ලංකාවේ ටීම් එකේ. ටුවෙල්ත් මෑන් වෙන්නේ ප්‍රේක්ෂකයෝ." ඔහු පැවසුවේය.

මේ අතර ප්‍රවේශ පත් මිලදී ගැනීම සඳහා මැද මහනුවර සිට පැමිණ සිටි එක් ප්‍රේක්ෂකයෙකු බීබීසි සිංහල වෙත කියා සිටියේ තමන් ඉන්දීය කණ්ඩායමට සහය දක්වන්නේ වත්මන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක එම්.එස්. දෝනි නිසා බවය.

"දෝනි IPL තරගාවලියේදී අපේ මතීෂ සහ මහීෂ් තික්ෂණට හොඳ උපදෙස් දීලා කණ්ඩායමේ තියා ගෙන ඉන්නවා. ඒ නිසා මම එදත් අදත් සපෝර්ට් කරන්නේ ඉන්දියාවට. ලංකාව සෙල්ලම් කරන්නේ නැත්නම් සපෝර්ට් කරන්නේ ඉන්දියාවට."


පිරීගිය ක්‍රීඩාගාරයක් බලාපොරොත්තුව සිටි උණුසුම් තරගය


දෙරට අතර පවතින දීර්ඝ කාලීන විරසකය හේතුවෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරග පිළිබඳ හැම විටම වැඩි අවධානයක් යොමු වෙයි. ලොව කුමන රටක, කුමන නගරයක පැවැත්වුණත්, යුද ගැටුමකට නොදෙවැනි මුහුණුවරක් ගන්නා මේ තරග නැරඹීට දෙරටේ ප්‍රේක්ෂකයින් පමණක් නොව ලොව පුරා වෙසෙන ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවක් දැක්වීම ඊට හේතුවයි.

මෙවර තරගාවලිය ආරම්භයේදීම තරගාවලියේ සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ බොහෝ ප්‍රවේශ පත්‍ර අලෙවි වී ඇති බවයි.

එසේනම්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල අසුන් හිස්ව පවතින්නේ කෙසේද? එය සමාජය මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා ලෝලීන් විමසා තිබූ පොදු ප්‍රශ්නයකි.

පකිස්ථානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවති පළමු තරගයේ මෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී ද බොහෝ ආසන හිස්ව තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබුණි.

කෙසේ වෙතත් මීට පෙර වැඩි මිලට පිරිසකට ප්‍රවේශ පත් අලෙවි කර තිබියදී අද  (සැප්තැම්බර් 02 වැනිදා) පල්ලේකැලේදී පැවැත්වෙන ඉන්දීයාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයේ අවම ප්‍රවේශ පත්‍ර ගාස්තු අඩු කිරීමට ගත් තීරණය ගැන ද ඇතැම් විවේචන එල්ල වෙමින් තිබේ.

මේ අතර අද පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධාවනු ඇති බවට ඇතැම් ප්‍රේක්ෂකයින් තුළ බියක් පැවතීම හේතුවෙන් ප්‍රවේශපත්‍ර අලෙවියේ යම් අඩුවීමක් සිදු වී තිබිය හැකි බව ද පැවසේ.

කෙසේවෙතත් මීට පෙර ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ, මෙම තරගය හේතුවෙන් අතිවිශාල පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවය.

පැමිණෙන පිරිස සඳහා ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති වීම හේතුවෙන් නිවාසවල කාමර කුලියට දීම සඳහා ලියාපදිංචිවන ලෙස ද මහනුවර ජනතාවට ආරාධනාකර තිබුණි.


(BBC සිංහල සේවය )

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...