එංගලන්තයේ චෙම්ස්ෆර්ඩ් හි ඊයේ (02 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 8 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ.
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 104 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දු 40 ක් ඉතිරිව තිබියදී, කඩුලු 2 කට ලකුණු 110 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ.
මෙම තරගාවලිය තරග 3 කින් සමන්විත තරගාවලියකි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළාය. අතපත්තු යැවූ මුල්ම ඕවරයේදී ඩැනියෙල් වයාත් දැවී ගිය අතර එතැන් සිට එංගලන්ත පිතිකාරිණියෝ එකා පසුපස එකා දැවී ගියහ.
සිය ප්‍රතිවාදීන් ලකුණු 104 කට දවාගත් ශ්‍රී ලංකා කාන්තාවන් හමුවේ තිබුණේ පහසු ඉලක්කයකි.
හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් ද සමගින් පන්දු 31 කින් ලකුණු 55 ක් ලබාගත් නායිකා අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආවාය. අතපත්තුට අනගි සහයෝගයක් දුන් හර්ෂිතා සමරවික්‍රම, පන්දු 35 කින් ලකුණු 30 ක් ලබාගත්තාය.
ශ්‍රී ලංකා කාන්තා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 104 ක් ව තිබියදී හර්ෂිතා සමරවික්‍රම තරගය අවසන් කළේ කැතරින් ක්‍රොස්ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ්විකට් කලාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් ගසමිනි.
එංගලන්ත කාන්තාවෝ - ඕවර 18 කදී සියලු දෙනා දැවී 104 යි
(මයියා බවුචර් 12, හෙදර් නයිට් 14, ඇමී ජෝන්ස් 12, චාලි ඩීන් 34, ඉසී වොන්ග් 13, උදේශිකා ප්‍රබෝධනී 19/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 16/2, ඉනෝකා රණවීර 25/2, කවීෂා දිල්හාරි 17/2)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 13.2 කදී කඩුලු 2 ට 110 යි.
(චමරි අතපත්තු 55, හර්ෂිතා මාධවී නොදැවී 30, විශ්මි ගුණරත්න නොදැවී 18)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසගත ජයක්
T
The Leader Desk
September 3, 2023 • 4:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය.
- සිය ප්‍රතිවාදීන් ලකුණු 104 කට දවාගත් ශ්‍රී ලංකා කාන්තාවන් හමුවේ තිබුණේ පහසු ඉලක්කයකි.
- හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් ද සමගින් පන්දු 31 කින් ලකුණු 55 ක් ලබාගත් නායිකා අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආවාය.
- අතපත්තුට අනගි සහයෝගයක් දුන් හර්ෂිතා සමරවික්‍රම, පන්දු 35 කින් ලකුණු 30 ක් ලබාගත්තාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



