The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංගලාදේශ ජයග්‍රහණය සමග තරගාවලිය උණුසුම් වෙයි

T

The Leader Desk

September 4, 2023 • 4:46 AM

බංගලාදේශ ජයග්‍රහණය සමග තරගාවලිය උණුසුම් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ඊයේ (සැප්තැම්බර් මස 03 වෙනිදා) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ලකුණු 89 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
  • ඊයේ තරගයේ ප්‍රතිඵලයත් සමග ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනා ගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක ලබන අඟහරුවාදා ( සැප්තැම්බර් 05) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත තීරණය වෙනු ඇත.
  • බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය.
  • බංගලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් නයීම් ලකුණු 28 කට දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහමාන් සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගය පැවැත්වුනේ පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදීය.

ඊයේ තරගයේ ප්‍රතිඵලයත් සමග ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනා ගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක ලබන අඟහරුවාදා ( සැප්තැම්බර් 05) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත තීරණය වෙනු ඇත.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

asia cup 2023 032940 16x9
ඇෆ්ගනිස්ථානයේ දුර්වල පන්දු රැකීම

ඊයේ තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් පිටියේ පෙන්නුම් කරනු ලැබු දුර්වල පන්දු රැකීම හමුවේ උපරිම ප්‍රයෝජන ගැනීමට බංගලාදේශ පිතිකරුවෝ සමත් වූහ.

බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය.

බංගලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් නයීම් ලකුණු 28 කට දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහමාන් සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ටොව්හිඩ් හිර්දෝයි ලකුණු රැස් කිරීමට පෙර දවා ගැනීමට ගුලාබ්දින් නායිබ් සමත් විය. ඒ වන විට බංගලාදේශ ඉනිම සටහන් වුයේ පන්දු වාර 10.3 කදී ලකුණු 63ක් ලෙසයි.

Screenshot 2023 09 04 at 10.02.23
බංගලාදේශය ඉහළට ඔසවා තැබූ සබඳතාවය

ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් විසින් අතහරින ලද උඩ පන්දු කිහිපය සහ ඔවුන්ගේ දුර්වල පන්දු රැකීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් මෙහෙදී හසන් මිරාස් සහ නජ්මුල් හුසේන් සැන්ටෝ බංගලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 194 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.

මෙහෙදී හසන් මිරාස් ඊයේ සිය එක්දින තරග දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර තරගයේ 42 වන පන්දු වාරයේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

මෙහෙදී හසන් පිටියෙන් ඉවත් වන විට පන්දු 119 කදී හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 03ක් සමග ලකුණු 112ක් රැස් කර තිබුණි.

මෙහෙදී හසන් සමග අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි නජ්මුල් හුසේන් සැන්ටෝ ද සිය එක්දින තරග දිවියේ දෙවන ශතකය වාර්තා කළේය.


පන්දු 105 කදී ලකුණු 104ක් රැස් කර ගෙන සිටියදී නජ්මුල් හුසේන් දුවද්දී දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් සමත් විය.

ඉන් පසුව මුෂ්ෆිකර් රහීම් ලකුණු 25 කට දුවද්දී දැවී ගිය අතර ෂමිම් හුසේන් ලකුණු 11 කට දැවී ගියේය.

බංගලාදේශ පිතිකරුවන් සිය ඉනිමේ අවසන් පන්දු වාර 10 තුලදී කඩුලු 03ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 103ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 334ක් රැස් කිරීමට සමත් විය.

Screenshot 2023 09 04 at 10.05.34
ඇෆ්ගන් පිතිකරුවන්ට තර්ජනයක් වූ බංගලාදේශ පන්දු යවන්නන්

ලකුණු 335 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් එක් ලකුණකට දවා ගැනීමට ෂොරිෆුල් ඉස්ලාම් සමත් විය.

ඉන් පසුව ඇෆ්ගන් දෙවන කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඊබ්‍රාහිම් සර්දාන් සහ රහමත් ෂා සමත් විය.

ලකුණු 33ක් රැස් කරගෙන සිටි රහමත් ෂා දවා ගැනීමට ටස්කින් අහමඩ්ට හැකි විය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 52ක් එක් කිරීමට නායක අෂ්මතුල්ලා ෂාහීඩි සහ ඊබ්‍රාහිම් සර්දාන් සමත් විය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ 24 වන පන්දු වාරය වන විට ඕවරයක් සඳහා ලකුණු ලබා ගතයුතු වේගය ලකුණු 10ක් ලෙස දැක්විණි.

ලකුණු ලබා ගැනීමේ වේගය ඉක්මන් කිරීමට උත්සහ කළ ඊබ්‍රාහිම් සර්දාන් පන්දු 74 කදී ලකුණු 75ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය. ඒ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් විසින් රැක ගත් දර්ශනීය උඩ පන්දුව හේතුවෙනි.

Screenshot 2023 09 04 at 10.07.01
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා ෂාහිඩි පන්දු 60 කදී ලකුණු 51ක් රැස් කර ගෙන සිටියදී දැවී ගියේ ෂොරිෆුල් ඉස්ලම් ගේ පන්දුවක් හමුවේයි.

ඉන් පසුව ගුලාබ්දින් නායිබ් ලකුණු 15 කට ද, මොහොඩ් නබි ලකුණු 03 කට දැවී යෑමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි තිබු බලාපොරොත්තුව ක්‍රමයෙන් ගිලිහි ගියේය.

රෂිඩ් ඛාන් පන්දු 15 කදී ලකුණු 24 ක් ලබා ගනු ලැබුවද එය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිය.

බංගලාදේශ පන්දු යවන්නන් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දු වාර 44.3 කදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 245ක් පමණි.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 44 කට කඩුලු 04ක්, ෂොරිෆුල් ඉස්ලම් කඩුලූ 03ක් දවා ගනු ලැබීය.


(BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංගලාදේශ ජයග්‍රහණය සමග තරගාවලිය උණුසුම් වෙයි | The Leader