The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සුමතිපාලගේ පාපන්දු සභාපති නාමයෝජනාව දෙවැනි වරටත් ප්‍රතික්ෂේපයි

T

The Leader Desk

September 5, 2023 • 8:05 AM

සුමතිපාලගේ පාපන්දු සභාපති නාමයෝජනාව දෙවැනි වරටත් ප්‍රතික්ෂේපයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා තීන්දුව නිලවරණ කමිටුව විසින් ඊයේ (04 වැනිදා) ප්‍රකාශයට පත් කළ අතර සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අනුරාධපුර ලීග් සභාපති දක්ෂිත සුමතිපාල ගේ නාමයෝජනා අභියාචනා කමිටුව විසින් ද ප්‍රතික්ෂේප කර ඇත.
  •   කෙසේ වෙතත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්) යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනා පමණක් පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය  පළ කර ඇත.
  •   ඒ අනුව ලබන 29 වැනිදා පැවැත්වෙන පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් ගේ පාර්ශ්වයෙන් 13දෙනෙක් තරග වදින අතර අනෙක් පාර්ශවයෙන් 9දෙනෙක් තරග වදිති.
  •           ඉදිරි වසර 4ක  ධූර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් විණි.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර එහි එක් පාර්ශවයක් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල ගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කෙරිණි.
 
අනතුරුව නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන් පසුව අවස්ථාව සලසා දී තිබුණු අතර එම අභියාචනා පිළිබඳ විමසා බැලූ කමිටුව මෙම තීරණය ඊයේ සවස දැනුම් දුන්නේය.
 
කෙසේ වෙතත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්) යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනා පමණක් පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය  පළ කර ඇත.
 
නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අනෙක් පාර්ශවය වූ ජස්වර් උමාර් ගේ පාර්ශ්වයට ද විරෝධතා ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රතික්ෂේප වුණි.
 
ඒ අනුව ලබන 29 වැනිදා පැවැත්වෙන පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් ගේ පාර්ශ්වයෙන් 13දෙනෙක් තරග වදින අතර අනෙක් පාර්ශවයෙන් 9දෙනෙක් තරග වදිති.
         
ඉදිරි වසර 4ක  ධූර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් විණි.
    
අභියාචනා කමිටුව විසින් ද ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා මෙසේය.
 
සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය)

 

සබැඳි පුවත් :

පාපන්දු නිලවරණය : සුමතිපාලගේ සභාපති නාමයෝජනාව ප්‍රතික්ෂේප වේ


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...