The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තියුණු තරගයකින් පසු ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට

T

The Leader Desk

September 6, 2023 • 4:44 AM

තියුණු තරගයකින් පසු ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37.1 කදී ලකුණු 292ක් රැස් කරමින් තරගය ජය ගැනීමට අවශ්‍ය විය.
  • එම ඉලක්කයට ළඟා වීම සඳහා අෆ්ගනිස්ථාන පිතිකරුවන් වේගවත් පිති හරඹයක නිරතවූ අතර ඉතා තියුණු සහ උද්වේගකර තරගයකින් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 2 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
  • එක්දින තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් පිට පිට අවස්ථා 12 කදී සියලු පිතිකරුවන් දවා ගනිමින් ජයග්‍රණය කළ ලොව එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව සමත් වූයේ එම වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්ය.
  • ආරම්භක පිතිකරුවන් යෙදු ශක්තිමත් අඩිතාලම බංගලාදේශය සමග පැවති තරගයේදී පෙන්නුම් කළ දුර්වල පන්දු රැකීම අද තරගයේදී පෙන්නුම් කිරීම හමුවේ ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් නිසා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( සැප්තැම්බර් මස 05) වැනිදා සමත් විය.

සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37.1 කදී ලකුණු 292ක් රැස් කරමින් තරගය ජය ගැනීමට අවශ්‍ය විය.

එම ඉලක්කයට ළඟා වීම සඳහා අෆ්ගනිස්ථාන පිතිකරුවන් වේගවත් පිති හරඹයක නිරතවූ අතර ඉතා තියුණු සහ උද්වේගකර තරගයකින් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 2 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

එක්දින තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් පිට පිට අවස්ථා 12 කදී සියලු පිතිකරුවන් දවා ගනිමින් ජයග්‍රණය කළ ලොව එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව සමත් වූයේ එම වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්ය.

පකිස්ථානයේ ලාහෝර් හි පැවති තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

Screenshot 2023 09 06 at 10.05.08

ආරම්භක පිතිකරුවන් යෙදු ශක්තිමත් අඩිතාලම

බංගලාදේශය සමග පැවති තරගයේදී පෙන්නුම් කළ දුර්වල පන්දු රැකීම අද තරගයේදී පෙන්නුම් කිරීම හමුවේ ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් නිසා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කළේය.

11 වන පන්දු වාරයේදී ලකුණු 32ක් රැස් කරමින් සිටියදි දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට ගුලාබ්දීන් නායිබ් සමත් විය.

ඉන් පසුව පැතුම් නිශ්ශංක ලකුණු 41 කට සහ සදිර සමරවික්‍රමගේ ලකුණු 3 කට දවා ගනිමින් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් නැවතත් තරගයට අවතිර්ණ විය.

කුසල් සහ අසලංකගේ ශතක සම්බන්ධතාවය

පන්දු වාර 16.5 කදී ලකුණු 86 කට කඩුලු 03ක් දැවී ගොස් තිබු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ.

ඔවුන් දෙදෙනා විසින් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් එක් කරනු ලැබීය.

චරිත් අසලංක පන්දු 43 කදී ලකුණු 36ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට රෂිඩ් ඛාන් සමත් විය.

Screenshot 2023 09 06 at 10.06.59

එක ළඟ ඇද වැටුණු කඩුලු

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු තුනක් ලකුණු 06 කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 14 කට දවා ගැනීමට මුජිබ් උර් රහුමාන් සමත් විය.

ලකුණු 92ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 92 කදී ඉතා අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ය. මෙන්ඩිස් ගේ ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහරවල් 03ක් ඇතුළත් විය.

නායක දසුන් ශානක ලකුණු 05 කට දවා ගැනීමට රෂිඩ් ඛාන් සමත් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 39.3 කදී ලකුණු 227කට කඩුලු 07ක් ලෙසය.

Screenshot 2023 09 06 at 10.08.20

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩකයා

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාර 10 තුලදී සටන්කාමී ලකුණු මට්ටමකට රැගෙන ඒමට නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ සමත් වීය. ඔවුන් දෙදෙනා විසින් පන්දු 63 කදී ලකුණු 64ක් රැස් කරනු ලැබීය.

එහිදී දුනීත් වෙල්ලාලගේ පන්දු 38 කදී නොදැවී ලකුණු 33ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් දුන් මහීෂ් තීක්ෂණ පන්දු 25 කදී ලකුණු 28ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 291ක් රැස් කළේය.

ඇෆ්ගනිස්ථානයට හිමි වූ ඉලක්කය

සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 292 ක ඉලක්කය පන්දු වාර 37.1 කදී රැස් කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව ඉක්මන් ලකුණු හඹා යෑමක් සඳහා පැමිණි ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් වූ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 04 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

නැවතත් ක්‍රියාත්මක වූ ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 07 කට දවා ගැනීමට කසුන් රාජිතට හැකිවිය.

ගුලාබ්දින් නායිබ් පන්දු 16 කදී ලකුණු 22ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු 03ක් පන්දු වාර 8.1 කදී ලකුණු 50 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ සිව්වෙනි කඩුල්ලේ සම්බන්ධතාවය

ලකුණු 50 කට කඩුලු තුනක් දැවී ගොස් සිටියදී පිටියට එක්වූ රහමත් ෂා සහ හෂ්මතුල්ලා ෂාහීඩි ඇෆ්ගනිස්ථාන ඉනිමේ 4 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 71ක් එක් කිරීමට සමත් වූහ.

පන්දු 40 කදී ලකුණු 45ක් රැස් කර ගෙන සිටියදී රහමත් ෂා දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

ඉන් පසුව පිටියට එක්වූ මොහොමඩ් නබි ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් පන්දු 32 කදී ලකුණු 65ක් රැස් කළේය.

ඔහු පන්දු 24 කදී රැස් කළ අර්ධ ශතකය එක්දින තරගයකදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්විය.

ලංකාවට ජය ගෙනා ධනංජය

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ අවසන් පිතිකරුවන් කිහිප දෙනා තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරනු ලැබීය.

කරීම් ජන්නත් ලකුණු 22ක්, නජිබුල්ලා සර්දාන් ලකුණු 23ක් රැස් කළේය.

රෂිඩ් ඛාන් නොදැවී ලකුණු 27ක් රැස් කළේය.

කෙසේ වුවත් දුනිත් වෙල්ලාලගේ තරගයේ 32 වන පන්දු වාරයේදී කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව තරගය කරා යළි රැගෙන ඒමට සමත් විය.

සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට 37 වන පන්දු ඕවරයේ පළමු පන්දුව සඳහා ලකුණු 3ක් රැස් කිරීමට තිබියදී පන්දු යැවූ ධනංජය ද සිල්වා කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

එමෙන්ම ඔහු විසින් ඇෆ්ගනිස්ථාන කඩුල්ලේ අවසන් පිතිකරු වූ ෆස්ලාක් ෆාරුකිගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් විය.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 04ක්, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා කඩුලු දෙක බැගින් දවා ගනු ලැබිය.

සැප් . 06දා ඇරඹෙන සුපිරි සිව්දෙනාගේ වටය

ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අද  (සැප්තැම්බර් මස 06) ආරම්භ වේ.

සැප්තැම්බර් 06 : පාකිස්ථානය සහ බංග්ලාදේශය
සැප්තැම්බර් 09 : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
සැප්තැම්බර් 10 : ඉන්දියාව සහ පකිස්ථානය
සැප්තැම්බර් 12 : ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
සැප්තැම්බර් 14 : ශ්‍රී ලංකාව සහ පකිස්ථානය
සැප්තැම්බර් 15 : ඉන්දියාව සහ බංග්ලාදේශය
සැප්තැම්බර් 17 : අවසන් මහ තරගය


(BBC සිංහල සේවය )






JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...