The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

T

The Leader Desk

September 7, 2023 • 4:04 AM

 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී විය.
  • එංගලන්තයේ ඩර්බිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණි.
  • මායා බුෂියර් ලකුණු 23ක් රැස් කළා ය.
  • නායිකා චමරි අතපත්තු කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි.

එංගලන්තයේ ඩර්බිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණි.

මායා බුෂියර් ලකුණු 23ක් රැස් කළා ය.

නායිකා චමරි අතපත්තු කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 28කින් ලකුණු 44ක් රැස් කළේ ය.

ඒ අනුව තරගය අවසන් වුණේ, තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි කර දෙමිනි.

373754193 692625869569199 2556545342383921131 n

 

 

{gallery}Womens Cricket{/gallery}

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...