The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩිකාවන්ට පැනවූ තහනම ඉවත්කිරීමට නියෝගයක්

T

The Leader Desk

September 7, 2023 • 5:12 AM

ක්‍රීඩිකාවන්ට පැනවූ තහනම ඉවත්කිරීමට නියෝගයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාවේදී පැවැති 12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටියදී නවාතැන් ගෙන සිටි හෝටලයේදී මත්පැන් පානය කිරීමේ චෝදනා ලබා වසරක තරග තහනමකට ලක්වූ
  • ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියේ අවධාරණය කර ඇති පරිදි, මෙම ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් දැල්පන්දු සම්මේලනයේ ලේකම්වරිය නිකුත් කර ඇති ලිපිය අවිධිමත් අත්තනෝමතික ක්‍රියාවක් ලෙස දක්වා තිබේ.
  • මේ සම්බන්ධයෙන්කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා පැවැසුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියට අනුව කටයුතු කිරීමට සිය විධායක සභාව නොපමාව පියවර ගන්නා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දඬුවම දින හතක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනවලට සහය නොදුන් බවට චෝදනා කරමින් දැල්පන්දු සංගමය ක්‍රීඩිකා නෙත්මි දිලුෂා විජේනායකට අවවාද කරමින් නිකුත් කර ඇතැයි කියන ලිපිය දින හතක් ඇතුළත ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඇය මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත යොමු කළ අභියාචනාව සඳහා වැය කළ රුපියල් 25,000ක් වන මුදලත් ඇයට දැල්පන්දු සම්මේලනය විසින් පියවීමට කටයුතු කළ යුතු බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් දැක්වේ. 

මෙම ක්‍රීඩිකාව ජූලි මාසයේ දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් (වයස 21න් පහළ) දැල්පන්දු තරගාවලියේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කර ඇත.

මේ අතර දැල්පන්දු සම්මේලනය විසින් මත්පැන් පානය කර ඇතැයි කියන සිදුවීමක් මත වසරක තහනමට ලක්ව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව විසින් එම චෝදනාවෙන් නිදොස් කිරීමට නියෝග කළ ක්‍රීඩිකාවන් වන්නේ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ උත්පලා සචිනි රත්නායක ඇතුළුව දුල්මි අෂානි විජේනායක හා විදුෂා ජනනි පෙරේරා යන ක්‍රීඩිකාවන්ය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියේ අවධාරණය කර ඇති පරිදි, මෙම ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් දැල්පන්දු සම්මේලනයේ ලේකම්වරිය නිකුත් කර ඇති ලිපිය අවිධිමත් අත්තනෝමතික ක්‍රියාවක් ලෙස දක්වා තිබේ.

අභියාචනා උපදේශක කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දැල්පන්දු සම්මේලනය දින හතක් ඇතුළත කටයුතු නොකරන්නේ නම් එය ක්‍රීඩා ඇමැතිවරයා ලබා දුන් නියමයන් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමක් ලෙස සලකා දැල්පන්දු සම්මේලනයේ විධායක සභාවට එරෙහිව කටයුතු කරන බවත් ඔහුගේ නියෝගවල දැක්වේ.

මේ සම්බන්ධයෙන්කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා පැවැසුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියට අනුව කටයුතු කිරීමට සිය විධායක සභාව නොපමාව පියවර ගන්නා බවයි.

 

මෙම සිදුවීමේ අවසානය චෝදනාලාභී ක්‍රීඩිකාවන්ගේ වාසියට විසඳුනත් ක්‍රීඩා අමාත්‍යාංශයේදී දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා ද අසුන් ගෙන සිටි විශේෂ මාධ්‍ය හමුවකදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවැසුවේ, දැල්පන්දු ක්‍රීඩිකාවන්ට එල්ල වී තිබෙන චෝදනාව බරපතල බවත් එය සත්‍ය නම් ඔවුන්ට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිය යුතු බව සිය පෞද්ගලික මතය වන බවයි.

 

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයේ පිටපත් අදාළ සිදුවීමට සම්බන්ධ ක්‍රීඩිකාවන් වෙත ද යොමු කර තිබේ.

(kelimandala.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...