The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාව පරදා ඉන්දියාව ජය ගනී

T

The Leader Desk

September 12, 2023 • 11:30 PM

ලංකාව පරදා ඉන්දියාව ජය ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (12) පැවති තරගය
  • ඉන්දියාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ යාදව් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
  • අගනා පන්දුයැවීමක නිරත වූ බුම්රා සහ ජඩේජා කඩුලු 2 බැගින් දවාගත්තේය.
  • එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 66කදී හතරේ පහර 5ක් සමග ලකුණු 41ක් රැස්කරගැනීමට සමත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකුණු 41කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ යාදව් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

අගනා පන්දුයැවීමක නිරත වූ බුම්රා සහ ජඩේජා කඩුලු 2 බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය පන්දුවයන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

කෙසේ වෙතත් අවසානයේ පිටියේ ස්ථාවර වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම්තාක් දුරකටබලාපොරොත්තුවක් ගෙන ඒමට ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 66කදී හතරේ පහර 5ක් සමග ලකුණු 41ක් රැස්කරගැනීමට සමත්විය.

අද තරගයේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රැකදුන් වීරයා දුනිත් වෙල්ලාලගේ පිත්තෙන්ද ශ්‍රී ලංකාවට අවසාන මොහොත දක්වා බලාපොරොත්තුවක් ගෙන ඒමට විශාල උත්සාහයක් ගත්තේය.

එහිදී පන්දු 46කට මුහුණදුන් දුනිත් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 42ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් අවසානයේ පන්දුවාර 41යි පන්දු 3කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ සියලුදෙනා පන්දුවාර 49යි පන්දු 1කදී ලකුණු 213කට දවාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 10 තුළදී ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ ප්‍රහාරක බලඇණියේ 5ක් තරග නරඹන්නන් බවට පත්කළේය.

ඔහුගේ උත්සාහයට වටිනාකමක් ලබාදෙමින් චරිත් අසලංක ද සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

ඔහුගේ පන්දුවාර 9 තුළදී ඉන්දීයාවට ලබාගත හැකිවූයේ ලකුණු 18ක් පමණි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාව පරදා ඉන්දියාව ජය ගනී | The Leader