The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලානයේ 'සම්මාන නොලබන තරගාවලියේ වීරයන්'

T

The Leader Desk

September 15, 2023 • 10:48 PM

ආසියානු කුසලානයේ 'සම්මාන නොලබන තරගාවලියේ වීරයන්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන තරගාවලියේ අවසන් භාගයට මේ වන විට එළඹ තිබේ.
  • වර්ෂාව හේතුවෙන් ඇතැම් තරගවල පන්දුවාර සංඛ්‍යාව සීමා කෙරුණ ද, එම තරග පැවත්වීමට අවස්ථාව උදාවූයේ එම ක්‍රිඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ දැඩි කැපවීම නිසාවෙනි.
  •   ඉන්දියාවේ ඇගයීමට පාත්‍රවූ අපේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය අද වන විට, මෙම ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය, ක්‍රීඩකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තර විස්තර විචාරකයින් සහ ක්‍රීඩාලෝලීන්ගේ පවා ඇගයීමට ලක්වී තිබේ.
  •   ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් ගැන කතාබහක් මේ අතර ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යයේ කතිකාවතක් ඇතිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම තරගාවලියේ සත්කාරක රට පාකිස්ථානය වුව ද, තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ දී ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පැවැති තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල විය.

වර්ෂාව මැද ක්‍රිකට් තරග පැවැත්වීම අභියෝගයක් වුවත්, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ (ග්‍රවුන්ඩ් ස්ටාෆ්) කැපවීම මත පළමු වටයේ එක් තරගයක් හැර අනෙක් තරග සියල්ල පැවැත්වීමට අවස්ථාව උදාවිය.

වර්ෂාව නිසා අතහැරුණු තරග සහ බාධා එල්ලවූ තරග මොනවාද?

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයට මඳ වේලාවක් වර්ෂාවෙන් බාධා එල්ලවිය.

මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් හිමිව තිබූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

අනතුරුව නේපාලය සහ ඉන්දියාව අතර පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය.

ආසියානු කුසලාන තරගාවලියේ දෙවන වටයේ දී ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගයට ද, ඊයේ (සැප් 14) ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ලවුණි.

වර්ෂාව හේතුවෙන් ඇතැම් තරගවල පන්දුවාර සංඛ්‍යාව සීමා කෙරුණ ද, එම තරග පැවත්වීමට අවස්ථාව උදාවූයේ එම ක්‍රිඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ දැඩි කැපවීම නිසාවෙනි.

56564 

ඉන්දියාවේ ඇගයීමට පාත්‍රවූ අපේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය

අද වන විට, මෙම ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය, ක්‍රීඩකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තර විස්තර විචාරකයින් සහ ක්‍රීඩාලෝලීන්ගේ පවා ඇගයීමට ලක්වී තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුව ද තරගය පැවැත්වීමට හැකි විය.

එම තරගයෙන් පාකිස්ථානය පරාජය කරමින් ඉන්දියාව ජයගත් අතර, තරගයෙන් පසු නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රේමදාස ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ස්තුතිය පුද කළහ.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා, "අද මෙම තරගය පවත්වන්න හැකිවුයේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය නිසා" යනුවෙන් පැවසුවේ ය.

 xcsdw 

මේ අතර ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙරට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ස්තුතිය පුදකර තිබුණේ මෙසේ ය.

 465c4hdක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් ගැන කතාබහක්

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යයේ කතිකාවතක් ඇතිවිය.

ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රෙක්ස් ක්ලේමන්ටන් විසින් X (ට්විටර්) සමාජ මාධ්‍ය අඩවියේ පළකර තිබු සටහනක සඳහන් වූයේ, මෙම ක්‍රීඩාංගණ සේවකයින් සඳහා දිනකට රුපියල් 2,000ක වැටුපක් පමණක් ගෙවන බව ය.

 65465456

මේ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගුගෙන් කරුණු විමසන ලදී.

ක්‍රිඩාංගණවල සේවය කිරීම සඳහා නිත්‍ය සේවකයින් මෙන්ම, තරගාවලි සඳහා කොන්ත්‍රාත් පදනමින් ද සේවකයින් කැඳවීම සිදුකරන බව එහිදී ඔහු පැවසුවේ ය.

කොන්ත්‍රාත් පදනමින් කැඳවනු ලබන සේවකයින් සඳහා වැටුප් ගෙවීම සිදුකරන්නේ අදාළ ක්‍රීඩාංගණයන්හි කළමණාකරුවන්බව ද ඔහු පැවසුවේ ය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලයට ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩිපිරිසකගේ අවධානය යොමුවන්නට ප්‍රධාන හේතුවක් වූයේ, මෙම තරගාවලියට රටවල් හයක් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

(BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...